IMG-LOGO

පාකිස්තාන අගමැති බිරිඳගේ යෙහෙළිය රට පනී

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීගේ සමීපතම මිතුරිය ෆාරා ඛාන්, පොලිස් අත්අඩංගුවෙන් බේරී පාකිස්තානයෙන් පලා ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

ෆාරා ඛාන්, පාකිස්තාන රුපියල් බිලියන 6 (ඩොලර් මිලියන 32) මුදල් වංචාවකට සම්බන්ධය යැයි චෝදනා ලැබ සිටින අතර, ඇය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ද පැවැත්වෙයි.

ෆාරා ඛාන්, ඩුබායි බලා ගොස් ඇත්තේ ඇමෙරිකන් ඩොලර් 90,000 ක් වටිනා අත්බෑගයක් ද රැගෙන පෞද්ගලික ජෙට් යානයකිනි. එම ගුවන් ගමන සඳහා ඇයට වැයවී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් 50,000 ක් යැයි ද මේ වනවිට අනාවරණය වී ඇත.

බුෂ්රා බීබී යනු පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තෙවැනි බිරිඳය. ඇගේ සමීපතම මිතුරිය ෆාරා ඛාන්, සිය හිතවතුන්ට ස්ථාන මාරුවීම් සහ තනතුරු ලබා දීමට කටයුතු කර ඇති බව පැවැසෙයි.

පාකිස්තානයේ විපක්ෂ දේශපාලන කණ්ඩායමක් වන මුස්ලිම් ලීගය එන් පක්ෂයේ උප සභාපති මෙන්ම හිටපු අගමැති නවාස් ෂරීෆ් ගේ දියණිය වන මිරියම් නවාස් පවසා ඇත්තේ ෆාරා ඛාන් අගමැති ඉම්රාන් සහ ඔහුගේ බිරිඳ වෙනුවෙන් වංචා සහ දුෂණ සිදු කර ඇති බවය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

පාකිස්තාන අගමැති බිරිඳගේ යෙහෙළිය රට පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 148 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 353 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site