IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


නීතිඥවරුන් පිරිසකට පොලිසියේ - හමුදාවේ කණගාටුව

(රන්ජන් කටුගම්පොළ)

ගාලු මුව දොර අරගලයේ පැවති සමයේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයට එරෙහිව කොටුව අසල විරෝධතාවයක් සිදුකළ  නීතිඥවරුන් පිරිසක්හට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය හා හමුදාව සිය කණගාටුව ප්‍රකාශ කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මේ බව දැනුම් දුන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිඥවරුන් එකොළොස්‌ දෙනෙකු ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සුරසේන, යසන්ත කෝදාගොඩ සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

ඒ අනුව මෙම පෙත්සම් විභාගය අවසන් කෙරිණි.

නීතිඥ මනෝජා ගුණවර්ධන මහත්මියගෙ උපදෙස් පරිදි නීතිඥ චන්ද්‍රනාත් නාරන්ගොඩ මහතා ඇතුළු නීතිඥවරුන් එකොළොස් දෙනෙක් විසින් ගොනුකොට ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් හැටියට හමුදාපති, පොලිස්පති, ගාල්ල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති

ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියාව අතර ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් තරඟයේ තුන්වෙනි දිනයේදී පෙත්සම්කාර නීතිඥවරුන් එවකට පැවැති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව සිදුකළ විරෝධතාවයට වගඋත්තරකාර පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරින් බාධා කිරීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත

තමන්ට සිදුවූ හානියට වන්දි වශයෙන් රුපියල් කෝටි පහක මුදලක් ලබා දෙන ලෙසද මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද පෙත්සම්කාර නීතිඥවරු සිය පෙත්සම්වලින් ඉල්ලා සිටිති

පෙත්සම්කාර නීතිඥවරුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන විරාන් කොරයා,  සාලිය පීරිස් ඇතුළු පිරිසක් පෙනී සිටිති

නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.



අදහස් (3)

නීතිඥවරුන් පිරිසකට පොලිසියේ - හමුදාවේ කණගාටුව

රංබොඩ Monday, 11 December 2023 07:55 PM

අපේ ගමේ පොලී මුදලාලිිත් කළුකෝට් බෑය දාගෙන ගම පුරා පොලී එකතු කරනවා. හරි ආඩම්බරයි.

:       0       0

Perera Monday, 11 December 2023 11:27 PM

හමුදාවල් පොලිසිය නීතිය අමු අමුවේ උල්ලංඝනය කරනවා .නඩු දැම්මම කනගාටුව ප්‍රකාශ කරනවා .නැවතත් නීතිය උල්ලංඝනය කරනවා ,රටේ ජනතාව හැමදාම වින්දිතයින්

:       0       3

Bamunuarachchi Tuesday, 12 December 2023 07:29 AM

ඒ මොකද ඒ අනුකම්පාව? හිතාගන්න බැහැ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

බවුසරයකින් ඩීසල් සොරාගත් දෙන්නෙක් අල්ලයි
2025 මැයි මස 12 1 0

ඛනිජ තෙල් සංස්ථාවට අයත් අනුරාධපුර ඛනිජ තෙල් තොග බඩාවට ඩීසල් තොගයක් රැගෙන විත් , වාරය පැමිණෙන තෙක් එම තෙල් ගබඩාව ඉදිරිපිට නවතා තිබූ බවුසර් රථයකින් රුපි


විදුලි බිල වැඩි කරනවාට අපි විරුද්ධයි
2025 මැයි මස 12 174 0

විදුලි බිල නැවත වතාවක් සියයට තිහකින් පමණ වැඩි කිරීමට දරන උත්සාහය වහාම නතර කරන්නැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම් කුමාර් ගුණරත්නම් මහතා රජයෙන් ඉල්


ව්‍යවස්ථා සභාවේ ලේකම් පුටුවට හොඳ අයෙකු සොයයි
2025 මැයි මස 12 274 0

පුරප්පාඩුවී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයට සුදුස්සකු පත්කර ගැනීම සඳහා පුවත්පත්හි දැන්වීම් පළ කිරීමට තීරණය කර ඇත.


බුදු දහම විමුක්තිකාමී සාධාරණ සමාජයකට මග පෙන්වාවි
2025 මැයි මස 12 128 0

බුදු දහමින් අර්ථ දක්වන වඩා සාධාරණ, විමුක්තිකාමී හා සමානාත්මතාවය රජයන සමාජයක් ස්ථාපිත කිරීම සඳහා බෞද්ධ දර්ශනය අන්කවරදාටත් වඩා මේ මොහොතේ ප්‍රදීපස්ථම්


මැතිසබේ ලොක්කන්ගේ තෙල් කපන්නේ මෙහෙමයි
2025 මැයි මස 12 656 0

පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු ප්‍රධානීන්ට වෙන් කෙරෙන තෙල් කෝටාව අඩුකරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබ ඇත.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 662 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1132 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1465 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 379 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site