IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්

(විමුක්ති එස් රුද්‍රිගු)


ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චීන ජනාධිපති ෂී ජින්පින් අද (23) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති දිවුරුම් දීමේ උත්සවයට සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් පැවැසුවේය.

චීනය සහ ශ්‍රී ලංකාව සාම්ප්‍රදායික මිත්‍රශීලී අසල්වැසියන් බවත් දෙරට අතර හොඳ අවබෝධයක් මෙන්ම සහයෝගයක්ද තිබෙන බවත් චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතාව තවත් දැඩි කර ගැනීම ඉතා වැදගත්කොට සලකන බවත් දෙරට අතර සම්ප්‍රදායික මිත්‍රත්වය තවත් ඉදිරියට ගෙන යමින් දේශපාලනමය වශයෙන් අන්‍යෝන්‍ය විශ්වාසය තවත් තහවුරු කරගැනීමට මෙන්ම එක් තීරයක් එක් මාවතක් වැඩසටහනෙන් වඩාත් ඵලදායී ප්‍රතිඵලයක් ලබා ගැනීමට  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග එක්ව වැඩ කිරීමට තමන් සූදානම් බවත් චීන ජනාධිපති චීන ජනාධිපති ෂී ජින්පින් පැවැසුවේය.



අදහස් (1)

නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්

අරවින්ද මොනරවිල Monday, 23 September 2024 02:04 PM

මේ අර්බුදකාරී යුගයේ චීනය සැබෑ මිතුරෙක් ලෙස ශ්‍රී ලංකාව සමග සිටිනු ඇතැයි ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස අප විශ්වාස කරනවා...

:       2       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 767 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site