(අජන්ත කුමාර අගලකඩ සහ ළහිරු හර්ෂණ)
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී මීට සුළු මොහොතකට පෙර සිදු කෙරිණි.
ආණ්ඩුවට සම්බන්ධ වන වෙනත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම්වල ඇමතිවරුන් 9 දෙනකු මෙසේ දිවුරුම් දී තිබේ.
නව අමාත්‍ය මණ්ඩලය මෙසේය.
- නිමල් සිරිපාලද සිල්වා - වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය
- සුසිල් ප්‍රේමජයන්ත - අධ්‍යාපන අමාත්‍ය
- කෙහෙලිය රඹුක්වැල්ල - සෞඛ්‍ය අමාත්‍ය
- විජේදාස රාජපක්ෂ - අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා ප්‍රතිසංකරණ අමාත්‍ය
- හරීන් ප්‍රනාන්දු -සංචාරක හා ඉඩම් අමාත්‍ය
- වෙද්‍ය රමේෂ් පතිරණ - වැවිලි කර්මාන්ත අමාත්‍ය
- මනුෂ නානයක්කාර - කම්කරු හා විදේශරැකියා අමාත්‍ය
- නලින් ප්‍රනාන්දු - වෙළඳ,වානිජ හා ආහාර සුරකෂිතතා අමත්‍ය
- ටිරාන් අලස්- මහජන ආරක්ෂක අමාත්‍ය









COMMENTS
Reply To:
-
ලැජ්ජයි...! තවත් එන්න කියනවා...!
කවුද එතකොට මුදල් ඇමති? අරය එනකල් තියාගෙන ඇති...
රටේ තෙල් ප්‍රශ්න, ගෑස් ප්‍රශ්න, කිරිපිටි ප්‍රශ්න, බඩුමිලේ ප්‍රශ්න කිසිම දෙයක් තමන්ට අදාල නැහැයි කියලා හිතාගෙන, රටේ මිනිසුන්ගේ දැවෙන ප්‍රශ්න නොතකා තනතුරු තාන්නමාන්න වලට පොරකන නිර්ලජ්ජිත දේශපාලුවන් තවත් මේ රට අගාධයට ඇද දමනවා.
මේ ගොල්ලෝ ඉතින් හිටු කියලා දිවුරනවා. එළියේ රටේ මිනිස්සු පෝලිම් වල දිවුරනවා.
එක්කෙනෙක් කියලා තිබුණා ඇමැතිකම ගන්නකොට මූණවත් බැලුවේ නෑ කියලා.., ඒ වුණාට කටපුරා හිනාවෙලා ජනාධිපතිතුමාගේ මූණ දිහා බලාගෙනම තමයි පත්වීම ගන්නේ... අනේ මන්දා මට පේන හැටිද කොහෙද...? එයා කියන්නේ ඇත්ත වෙන්නැති...!