IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නුවරඑළියේ පාසල් 16 ක් ජාතික පාසල් කිරීමට යයි

(ලක්ෂ්මී ජයකොඩි)
නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පාසල් 16 ක් ජාතික පාසල් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇත.

වතු නිවාස හා ප‍්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සඳහන්  කළේ  දිවංගත තම පියාණන් වන ආරුමුගම් තොණ්ඩමන් මහතා විසින් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම්ට අනුව මෙම පාසල් ජාතික පාසල් බවට පත් කිරීමට අනුමැතිය ලැබී ඇති බවයි.

ඒ අනුව නුවරඑළියේ දිස්ති‍්‍රක්කයේ හයිලන්ඞ් විද්‍යාලය , බොස්කෝ විද්‍යාලය , තලවකැලේ දෙමළ  මහා විද්‍යාලය ,හොල්බෘක් දෙමළ මහා විද්‍යාලය, බොගොවන්තාලාව ශාන්ත මරියා විද්‍යාලය ,නෝර්වුඞ් දෙමළ මහා විද්‍යාලය, මස්කෙළිය සෙන් ජෝශප්  විද්‍යාලය , හොරන්සි විද්‍යාලය, බ්ලුම් ෆීල්ඞ් විද්‍යාලය, රාගල දෙමළ මහා විද්‍යාලය, අල් මින්හාජ් මුස්ලීම් මහා විද්‍යාලය ,පුඩළුඔය දෙමළ මහා විද්‍යාලය , ශුද්ධ ති‍්‍රත්ව දෙමළ මහා විද්‍යාලය , මෙතෝදිස්ත විද්‍යාලය, මරයා දෙමළ මහා  විද්‍යාලය යන විදුහල් ජාතික පාසල් බවට පත් කෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය.

කඳුකරයේ පාසල් අධ්‍යාපන නඟා සිටුවීමට එම ප‍්‍රදේශ වල පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම වැදගත් බවත් ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නැයි තමන්ද අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් මහතාගෙන් කළ ඉල්ලිම් වලට යහපත් ප‍්‍රතිචාර හිමිව ඇති බවද ජීවන් තොණ්ඩමන් මහතා වැඩිදුරටත් පැවසීය.
 



අදහස් (2)

නුවරඑළියේ පාසල් 16 ක් ජාතික පාසල් කිරීමට යයි

දිමුත් Thursday, 21 January 2021 09:21 AM

දැන් ඔවුන්ට විතරක් විශේෂ සැලකීමක් මොකද? ඒක වෙනම රටක්ද?

:       1       7

Neel prasanna Friday, 22 January 2021 08:01 AM

සුපිරියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site