IMG-LOGO

නෝර්වේජියා සංචාරකයාගේ ගමන් මල්ල උස්සයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මහනුවර සිට බණ්ඩාරවෙල ඇල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගමන් ගත්  නෝර්වේජියානු ජාතික සංචාරකයකු සතු ඩ්‍රෝන කැමරාවක් ඇතුළු රුපියල් හත් ලක්ෂ පනස් දහසක් පමණ වටිනා දේපල සහිත ගමන් බෑගය කිසිවකු විසින් සොරාගෙන ගොස් ඇතැයිඇල්ල පොලිසිය පවසයි.

මෙම සංචාරකයා විසින් මේ බව ඇල්ල සංචාරක පොලිසිය වෙත පැමිණිලි කර ඇත ඩ්‍රෝන කැමරාවට අමතරව රුපියල් 25,000 ක මුදලක් ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්සහ එම ජංගම දුරකථන උපාංග මෙම ගමන්මල්ලේ තිබුණු බව එම සංචාරකයා කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි පොලිසිය පොලිසිය පවසයි.

නාවලපිටිය දුම්රිය ස්ථානයේ දුම්රිය නතර කර තිබූ අවස්ථාවේ මෙම ගමන් මල්ල කිසිවකු විසින් සොරාගෙන ගිය බව එම සංචාරකයා පවසන්නේ යැයි ද පොලිසිය සඳහන් කරයි.

සංචාරක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජගත් ෆොන්සේකා මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී අතුල පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ ඇල්ල සංචාරක පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රත්නසිරි මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.

මෙම සොරකම නාවලපිටිය දුම්රිය ස්ථානයේ දී සිදු වූවක් බැවින් මෙය බව නාවලපිටිය පොලිසියට ද දැනුම්දීමක් කර ඇත

නාවලපිටිය පොලිසියද මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

 



අදහස් (5)

නෝර්වේජියා සංචාරකයාගේ ගමන් මල්ල උස්සයි

පැරකුම් Tuesday, 28 February 2023 10:18 PM

දැන් දැන් මෙවන් සිද්ධීන් ක්‍රමයෙන් බහුලවනු දක්නට ඇත. සංචාරක ව්‍යාපාරය අඩපන කර රජය අපහසුතාවයට පත් කිරීම අරමුණ බැව් කිවහැක.

:       2       4

fairoosWednesday, 01 March 2023 01:50 PM

මේවා වෙන්නේ මේ කාලකණ්ණි ආණ්ඩුව නිසා.. දැන් එතකොට රජය හොඳයිද පැරකුම් රජතුමාට... ?

:       2       3

පැරකුම්Wednesday, 01 March 2023 03:14 PM

කණගාටුයි ෆයිරූස් ඔබට සිංහල තේරුම් ගන්න අපහසු බව පෙනේ... රජය යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි හොඳින් අධ්‍යයනය කර බලන්න. නැතිනම් මම ඉංගිරිසියෙන් ලියන්නද...?

:       0       0

Prabha Wednesday, 01 March 2023 09:24 AM

අරගලකරුවෝ නිසා සංචාරකයෝ එන්නේ නෑ කිවුවා ගම්පහ ගොන් නාම්බා කෝ

:       0       2

පිටිගල මිලානෝ Wednesday, 01 March 2023 09:29 AM

අප රටට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට අටක් මෙරටදී කුමන හෝ අපරාධයක වින්දිතයන් බවට පත්වේ. කෝ පොලෝසිය…? කදුලු ගෑස් ගහන්න කොළඹ ගිහිල්ලාද….?

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site