IMG-LOGO

නිරෝධායනයේ සිටි සේවකයා ගෙන්වා තැපැල් කාර්යාල 4 කට යවලා

(විනීතා එම් ගමගේ)
 
පීසීආර් පරීක්ෂණ සිදුකර නිරෝධායනයේ සිටිය දී සේවයට ගෙන්වා උප තැපැල් කාර්යාල හතරකට මහජනාධාර යැවූ බොරැල්ල ප‍්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයෙකු ආසාදිතයෙකු බව පීසීආර් වාර්තාවෙන් හෙළිවී ඇතැයි තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
 
බොරැල්ල තැපැල් කාර්යාලයේ සේවකයන් දෙදෙනෙකුට කොරෝනා රෝග
ය වැළ`දී ඇතැයි හෙලිවීමත් සමග ඉකුත් සතියේ එම තැපැල් කාර්යාලය වසා දමනු ලැබූ අතර සියලූ සේවකයන් පීසීආර් පරික්ෂණ සඳහා යොමු කර නිරෝධායනයට ලක්කරනු ලැබීය. 
 
එහෙත් ඉකුත් සදුදා සිට තැපැල් කාර්යාලය යළි විවෘත කිරීමේ අරමුණින් ඉරිදා තැපැල් කාර්යාලය විෂබීජහරණ කටයුතු සිදුකළ අතර සදුදා තැපැල් කාර්යාලයේ සිට කෝපියාවත්ත, වනාතමුල්ල, ගෝතමී පාර යන උප තැපැල් කාර්යාලවලට හා මරදාන තැපැල් කාර්යාලයට මහජනාධාර මුදල් යවනු ලැබ ඇති සේවකයා පීසීආර් පරික්ෂණයට ලක්ව නිරෝධායනයේ සිටි සේවකයෙක් යැයි පැවැසේ.
 
ඔහු එම තැපැල් කාර්යාලවලට මුදල් ගෙන ගොස් දී ආපසු පැමිණි පසු පීසී ආර් පරික්ෂණ වාර්තා ලැබී ඇති අතර ඔහු ද ආසාදිතයෙකු බව හෙලිවී ඇත.
 
ඔහු ද ඇතුළුව බොරැල්ල තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයෙන්  ආසාදිතයන් 7 දෙනෙකු මේ වනවිට හමු වී ඇතැයි ද තැපැල් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කරයි.
 
කෙසේ වෙතත් බොරැල්ල හා මරදාන තැපැල් කාර්යාල කොට්ඨාශයන්හි මහජනාධාර ලබන විශාල පිරිසක් සිටින බවත් මේ වනවිට මරදාන තැපැල් කාර්යාලයේ කවුන්ටර් දෙකකින් ඒවා ගෙවනු ලබන බවත් පැවැසේ.  



අදහස් (0)

නිරෝධායනයේ සිටි සේවකයා ගෙන්වා තැපැල් කාර්යාල 4 කට යවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site