IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


නිරෝධායනය අවසන් කළ අවසන් කණ්ඩායම පිටව යති

(නිමල් ජයරත්න)
 
යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දින 29 ක නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ අවසාන කණ්ඩායම අද (09) සිය නිවෙස් බලා පිටත්ව ගියහ.
 
ඉතාලියේ හා දකුණු කොරියාවේ සිට පැමිණ 37 දෙනෙකුගෙන් සමන්විත එම පිරිස කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා තිබුණි.
 
මෙම පිරිස කොළඹ , හලාවත , කුරුණෑගල , පුත්තලම සහ මීගමුව යන ප්‍රදේශ වලට පිටත්ව ගිය බව නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ උසස් නිලධාරියෙකු පැවසීය.
 
යුද හමුදා බස් රථ සහ පෞද්ගලික වෑන් රථ කිහිපයකින් මෙම පිරිස පිටත් කළ බවත් යුද හමුදාව පැවසීය.
 
විදෙස් ගත සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ මාසකෙට ආසන්න කාලයක් නිරෝධායනය වූ පළමු කණ්ඩායම මෙය වන බව එම හමුදා නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
 
මෙම පිරිස දින 29 ක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය තුල නිරෝධායනයට ලක් වුයේ වරින් වර මොවුන් සමඟ සිටි කිහිපදෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීම හේතුවෙනි. 



අදහස් (0)

නිරෝධායනය අවසන් කළ අවසන් කණ්ඩායම පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site