IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


නොරොච්චෝලේ බිඳ වැටීමක්: විදුලි කප්පාදුව තවත් ඉහළ යයි

(යොහාන් භාසුර සහ දයාසීලි ලියනගේ)

නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 3 වැනි ගල්අඟුරු බලාගාරය දෝෂයක් හේතුවෙන් වසා ඇති බවත් ඒ නිසා දෛනික විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (27) පෙරවරුවේ පැවසීය.

දෛනික විදුලි කප්පාදු කාලසටහන හැකි ඉක්මණින් නිකුත් කරන බව ද ජනක රත්නායක මහතා වැඩි දුරටත් කීය.

මේ සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරු සංගමය සභාපති අනිල් ඉඳුවර මහතා කීයා සිටියේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ එක් යන්ත්‍රයක් පමණි.

මෙම බලාගාරයේ සියලු යන්ත්‍ර පසුගිය 2020 දී මුළුමනින්ම අක්‍රීය කර නඩත්තු කිරීමට නියමිතව තිබුණා මේ දක්වා එය සිදු කිරීමට නොහැකි වී ඇති බව ද ඔහු කීය.

ඊයේ රාත්‍රියේ අකර්මණ්‍ය වූ යන්ත්‍රයේ බොයිලරයට ජලය සපයන මාර්ගයේ යම් දෝෂයක් නිසා යන්ත්‍ර අකර්මණ්‍ය වී ඇති බවද ඉංජිනේරු ඉඳුවර මහතා කීය. මෙම යන්ත්‍රය යළි ක්‍රියාත්මක කිරීම සඳහා තවත් දින කිහිපයක් ගත වනු ඇතැයි ද අනිල් ඉඳුවර මහතා  කීය.



අදහස් (4)

නොරොච්චෝලේ බිඳ වැටීමක්: විදුලි කප්පාදුව තවත් ඉහළ යයි

අමා Tuesday, 27 September 2022 10:54 AM

ඉංජිනේරුවො වැඩේට බැහැල ඉන්නෙ .ප්‍රතිවියුහගත කිරීමෙන් කෙලවෙයි කියල.

:       0       4

mp Tuesday, 27 September 2022 11:32 AM

මේ මිනිහට විදුලි කප්පාදුව හීනෙනුත් පෙනෙනවා ඇති. ඒ තරම් විදුලියට පිළිලයක් මේ මිනිහ.

:       1       6

DineshTuesday, 27 September 2022 01:29 PM

මෙයා නෙමේ පිලිලෙ. වෙලාවට ගල් අගුරු ටික ගෙන්න බැරි උනා බලදාරින් තමයි පිලිලෙ. ඉස්සරල මෙයා කවුද, මෙයාගෙ ඩියුටි එක මොකක්ද කියල තේරුම් ගන්න කඩෙ යන්න කලින්.

:       1       1

nika Tuesday, 27 September 2022 02:07 PM

මෙ මිනිහගෙ රස්සාව මොකද? වගකීම් මොනවද? මගෙ විදිහට මෙ වගෙ තනතුරක් වැඩක් නැහැ. ඔය කියන ටික එම අයතන මගින් කලහැකි දෙයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 576 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 724 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 302 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site