IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


‘නන්දි‘ ගේ නවසීලන්ත ගමන කල් යයි

රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතා තහවුරු කර ගැනීම සඳහා ‘නන්දි ‘ අලි පැටවා නවසීලන්තයට තෑග්ගක් වශයෙන් යැවීම හෝ ඒ සම්බන්ධ කිසිදු පියවරක් ලබන අගෝස්තු 02 වැනිදා තෙක් නොගන්නා බවට නීතිපතිවරයා අද (13) අභියාචනාධිකරණය හමුවේ එකඟතාවය පළ කළේය.

නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන ඔබේස්කර මහතා මේ බව අධිකරණයට දැන්වීය.

වඳවී යන සතුන් නම් කොට සිටින රතු දත්ත පොතටද ඇතුළත් දුර්ලභ ආසියානු අලි පරපුරකට අයත් පස් හැවිරිදි ‘නන්දි‘ නැමැති අලි පැටවා නවසීලන්තයේ  ඕක්ලන්ඞ් සත්ව උද්‍යානයට තෑගි කිරීම තහනම් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අද (13) අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කරන ලදී.



අදහස් (0)

‘නන්දි‘ ගේ නවසීලන්ත ගමන කල් යයි

ජයකොඩි Wednesday, 13 July 2016 03:21 PM

තෑග්ගක් විදියටවත් අලි පැටවු දෙන්න එපා.(හේ)

:       0       0

හේමන්ත Thursday, 14 July 2016 08:02 AM

නවසීලන්තය අලින්ගේ වාසයට සුදුසු රටක් නෙවෙයි. එහෙ අලි නැත්තේ ඒ නිසා. මොන තරම් අපරාධයක් ද මේ කරන්නේ? තනියෙන් මේ අලි පැටවා මොන දුකක් වින්දියි ද ඒ රටේ? අහිංසක සත්තු පිටරට යවන අයගේ හත්මුතු පරම්පරාවටම හෙන ගහන්න ඕනෑ (ම)

:       0       0

ජයවර්ධන Wednesday, 13 July 2016 07:26 PM

නවසීලන්තයේදී අලි ඉතා ආදරයෙන් රැක බලාගන්නවා (නි)

:       0       0

ඉම්රාන් Wednesday, 13 July 2016 07:54 PM

අපේ අලි සම්පත දිනෙන් දින අඩුවෙන එකට මේ රටවලින්වත් විසඳුමක් ගන්න බැරිද? (නි)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Wednesday, 13 July 2016 07:54 PM

නවසීලන්තයට එන්න ලැබෙනවා නම් අලියාගේ පෙර පිනක් (නි)

:       0       0

පෙරේරා Thursday, 14 July 2016 08:18 AM

අපේ රටේ අලි ඉන්නේ අපේ රටේ ඉන්න අයට මරා දාන්න. අදත් මින්නේරියේ අලියකුව මරලා. කිසිම අලියෙක් රටින් පිට නොකළ යුතුයි (ම)

:       0       0

රණතුංග Thursday, 14 July 2016 08:21 AM

ඔය කතා කියන කීදෙනෙක් නවසීලන්තය දැක තිබෙනවද? මෙහෙ බල්ලෙකුට තියනවා ලංකාවේ මිනිසුන්ට වඩා සැළකිලි. ඇවිල්ලම බලන්න. (නි)

:       0       0

පිරිස් Thursday, 14 July 2016 09:19 AM

මේ අලි පැටියා යවන්න එපා.(හේ)

:       0       0

තුසිත Thursday, 14 July 2016 01:16 AM

සංහිඳියාව තිබෙනවා නම් දුන්නට කමක් නැහැ. (නි)

:       0       0

ගයානි Thursday, 14 July 2016 01:56 AM

අපිටත් අලි අඩු එකේ ඇයි මේ පිටරට යවන්නේ? (නි)

:       0       0

ගමගේ Thursday, 14 July 2016 01:57 AM

මම නම් කියන්නේ අපේ සම්පත් රටින් පිට යවන්න එපා කියලයි (නි)

:       0       0

ගජනායක Thursday, 14 July 2016 02:02 AM

අපේ රටින් පිලිපීනයේ මැනිලා නුවර සත්තු වත්තට ඉතාම කුඩා කාලයේදී ලබාදුන් මාලි නම් ඇතින්නිය අවුරුදු 36 ක් කොන්ක්‍රීට් කූඩුවක එරට දුක් විඳිනවා. පාකිස්ථානයේ ජාතික සත්තු වත්තට ලබාදුන්නු කාවන් ඇත් පැටියාත් ඒ ආකාරයෙනම දුක් විඳිනවා. ජපානයට ලබාදුන් ඇත් පැටියත් එහෙමයි. හිතලා බලන්ට උඩවලවේ වගේ ජාතික වනෝද්‍යානයක ඒ අහිංසක සතුන් හිටියා නම් කොච්චර නිදහසක් විඳිනවාද? අන්තර්ජාලයෙන් වැඩි විස්තර සොයා බලන්න. කරුණාකර මීට විරුද්ධ වෙන්න. අපි දැන දැනම ඒ අහිංසක සතුන්ගේ මුළු ජීවිත කාලයම දුක් විඳවන්න යවන්නේ ඇයි? (නි)

:       0       0

කසුන් Thursday, 14 July 2016 02:09 AM

අපේ රටින් ඔහොම දුන් අහිංසක සතුන්ට වෙලා තිබෙන දේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ (නි)

:       0       0

උපසේන Thursday, 14 July 2016 02:24 AM

පවු අපේ අහිංසක සත්තු (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 13 July 2016 01:35 PM

ලංකාවේ අලිමරන තරමට, අපේ අලි හොඳට බලාගන්න රටවලට එක අලි පවුල ගානේ දීලා තිබ්බොත් අාපහු අපේ අලි තව අවුරුදු කීපයකින් වඳ වෙලා ගියාම, ලංකාවට අාපහු අලි පැටව් ඉල්ලගන්න පුළුවන් අපේ සත්ත්ව උද්‍යානෙට. (නි)

:       0       0

අශාන් Wednesday, 13 July 2016 01:54 PM

අපේ මිනිස්සු දවසට එකා ගානේ අපි මරනවා. ඒවා ගැන කතා නැහැ. මේ අලියා යවන්නේ සත්තු වත්තකට. ඒ මිනිස්සු සතුන්ට ආදරෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 209 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 403 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 170 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site