(රේඛා තරංගනී ෆොන්සේකා)
කරදියාන කසළ අංගනයට පළාත් පාලන ආයතන වලින් රැගෙන එන නොදිරන අපද්‍රව්‍ය ටොන් 150ක් කන්ටේනර් පෙට්ටි 8 ක පුරවා කෙරවලපිටිය විදුලි ව්‍යාපෘතියට දිනපතා යැවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් ඝණ අපද්‍රව්‍ය අධිකාරියේ අධ්‍යක්ෂක නලීන් මාන්නප්පෙරුම මහතා පැවසීය.
කරදියාන කසළ අංගනයට කසළ බැහැරලීමේ සීමාව උපරිමයට පැමිණීම හේතුවෙන් එයට විසඳුමක් ලෙස මෙම පියවර ගෙන තිබේ.
කරදියාන කසළ අංගනයට පළාත් පාලන ආයතන හතකින් කසළ මුදාහැරීම මෙතෙක් සිදු කරනු ලැබූවද භුමි ස්ථායිතාව තුළ මතුවූ ගැටලුකාරී තත්ත්වයත් සමඟ එකී ආයතන සඳහා වාරණයක් පැනවීමට සිදු වු බව ඔහු පැවසීය.
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව,මහරගම නගර සභාව,හෝමාගම ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන වලින් ගෙන එන නොදිරන කසළ කන්ටේනර් වල බහා විදුලි ව්‍යාපෘතියට යැවීමට පියවර ගෙන ඇති බවත් එසේ රැගෙන යන කසළ සඳහා ටොන් එකකට රුපියල් 1450 ක් ලෙස අය කිරීමටත් පැටවීමේ ගාස්තු ලෙස යම් අය කිරීමක් සිදු කිරීමටත් බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.
පලාත් පාලන ආයතන හතෙන් එකක් වන මොරටුව මහ නගර සභාව තමාගේ බල ප්‍රදේශය තුළ නොදිරන කසළ සඳහා මේ වන විට තිර විසඳුමකට පැමිණ ඇති හෙයින් ඔවුන්ගේ නොදිරන කසල කරදියාන කසල අංගනයට මුදා හැරීම ඔවුන් විසින් මුළුමනින්ම නවතා දමා ඇති බවද ඒ මහතා පැවසීය.
කරදියන කසළ අංගනය බොරලැස්ගමුව , කැස්බෑව නගර සභාවන් දෙකට අයත් මායිම් භුමියක පිහිටා ඇති හෙයින් තව දුරටත් කරදියානට කසළ මුදාහැරීමට එකී පළාත් පාලන ආයතන දෙකට ඉඩ පහසුකම් සලසා දී ඇති බව සඳහන් කරන ඒ මහතා ඔවුන්ගේ කසළ විදුලි ව්‍යාපෘතිය සඳහා ප්‍රවාහනය නොකරන බව පැවසීය.
විදුලි ව්‍යාපෘතිය සඳහා ටොන් 450 ක් පමණ යැවීමට පහසුකම් ලැබී ඇති බව සඳහන් කරන ඒ මහතා මේ වන විට ටොන් 150ක් යැවීමට පියවර ගෙන ඇති බවද පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
නොදිරන අපද්‍රව්‍ය ටොන් 150 ක් කෙරවලපිටියට
Kamal Koyrala Monday, 25 January 2021 07:41 AM
කොපමණ විද්වත් ආණ්ඩුවක් කීවට අදටත් කුණුවෙන ආණ්ඩුවලින් මේවට විසඳුමක් නැහැ.