IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


නීති විරෝධීව ගෙන ආ කහ-එනසල් ඇතුළු භාණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට

(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1800 කට අධික ප්‍රමාණයක්, එනසාල් සහ කෘෂි රසායන බෝතල් තොගයක් සමඟ සැකකරුවෙක් යාපනය කයිට්ස් දූපත ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

අල්ලප්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී වියලි කහ කිලෝග්‍රෑම් 1828 ක්, එනසාල් කිලෝග්‍රෑම් 137 ක් සහ කෘෂි රසායන බෝතල් 134 ක්, සැකකරුවෙක් සහ ඩිංගි යාත්‍රාව මෙසේ අත්අඩංගුවට ගත් බව කී නාවික හමුදාව වියලි කහ උර 36 ක ද,  එනසාල්  පැකට් 137 ක ද, කෘෂි රසායන මිලිලීටර 500 සහ මිලි ලීටර 250 ප්‍රමාණයේ බෝතල් 134 ක් ලෙස ද තිබූ බව සඳහන් කළේය.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය මඟින් එම සැකකටයුතු යාත්‍රාව නිරීක්ෂණය කර සෝදිසි මෙහයුමක් ක්‍රියාත්මක කළ බවත් එම ඩිංගි යාත්‍රාව අල්ලප්පිඩ්ඩි වෙරළට රැගෙන විත් පරීක්ෂා කිරීමේදී භාණ්ඩ තොගය සොයාගත් බවත් නාවික හමුදාව කීය.

සැකකරු වයස අවුරුදු 20ක් වන කයිට්ස් දූපතේ වෙන්පුරවිනගර් ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගත් බවත් සැකකරු, වියලි කහ, එන්සාල්, කෘෂි රසායන සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය රේගු කාර්යාලය වෙත භාරදීමට නියමිතව බවත් නාවක් හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (1)

නීති විරෝධීව ගෙන ආ කහ-එනසල් ඇතුළු භාණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට

Bamunuarachchi Wednesday, 30 March 2022 05:46 PM

එනසාල් රට යවන අපි මොකටද එනසාල් ගෙන්වන්නේ..?. හම්බයින් කෘෂිකර්මාන්තයට ඇත දැමීම නිසා වුණු ව්‍යවසනයක්ද මේක? 1967 කාලේ කළුපහන, මීමුරේ ප්‍රදේශයේ අක්කර සීයේ බ්ලොක් කඩලා දුන්නේ එනසාල් වවන්න. එක වගාකරුවෙක් තම එනසාල් වත්තට ගියේ හෙලිකොප්ටරයෙන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 551 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site