(නිමන්ති රණසිංහ)
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට ඉකුත් මැයි මස 09 වැනිදා පහර දීමේ සිද්ධියට අදාළ ගැටුම වලක්වා නොගැනීම සහ රාජකාරිය පැහැරහැරීම පිළිබඳව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා අවස්ථා තුනක දී නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට ලබා දෙනු ලැබූ උපදෙස් මේ වන තෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් අධිකරණයට වහාම වාර්තාවක් ලබාදෙන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (03) නීතිපතිවරයාට නියෝග කළේය.
නීතිපතිවරයා ලබාදෙන උපදෙස් පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් වහාම මැදිහත් කටයුතු කරන ලෙසට ද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයාට නියෝග කළේය.
මෙම සිද්ධියට අදාළ පළවෙනි සැකකරුගේ සිට පස් වැනි සැකකරු දක්වා වන අයවලුන්ගේ ජංගම දුරකථන වහාම අපරාධ පරීක්ෂණය පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙන ලෙසටද මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ට නියෝග කළේය.
ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සනත් නිශාන්ත මිලාන් ජයතිලක සහ මොරටුව නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් පස් දෙනෙකුගේ ජංගම දුරකථන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන ලෙසට එලෙස නියෝග නිකුත් විනි.
අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලු මුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධතා ව්‍යාපාරවලට ඉකුත් මැයි මස 09 වැනිදා පහර දීමේ සිද්ධියට අදාළ පරික්ෂණය අධිකරණය හමුවේ අද (03) යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.
සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන 24 වැනිදා යළි කැඳවීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
නීතිපතිගේ උපදෙස් නොතැකීම ගැන වාර්තාවක් ඉල්ලයි