IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


නංගිගේ මාධ්‍ය සදාචාරය

2016-08-19-ent-03මිනිස්සුන්ට දුකක් කරදරයක් වුණාම අපි කොච්චර සංවේදී වෙනවද? කොච්චර දුක් වෙනවද? ඒත් තව කෙනෙකුගේ දුකකදී, කරදරයකදී වුණත් තමන්ගේ පටු අභිලාෂයන් මුදුන් පත් කර ගන්නට හදන අය ඉන්න බව අපි දැකලා තියෙනවනෙ.

මේ සිද්ධිය අපි දැක්කෙ පහුගියදා අපෙන් සදහටම සමුගත් ප්‍රවීණ රංගධර විජය නන්දසිරි මහතාගේ මල ගෙදරදි. මල් ශාලාවෙන් දේහය ගෙදරට ගෙනවිත් වැඩි වෙලාවක් ගියේ නැහැ, කැමරාවක් අතින් ගත් තරැණියක සමඟ පෞද්ගලික රෑපවාහිනී නාලිකාවක සේවය කරනවා යැයි කියන තරැණියකුත් එතනට ආවා.

ඒ ප්‍රතිභාපූර්ණ නළුවාගේ බිරිය හැඬූ කඳුළින් තවත් ප්‍රවීණ නළුවෙකුට සිදු වූ කරදරය ගැන විස්තර කරමින් ඉන්නවා.

අර මයික් එක අතට ගත් තරැණිය ඇගෙන් ප්‍රශ්න වැලක් අහනවා - ඇය සිටින්නේ ඒවට උත්තර දෙන්න පුළුවන් මානසිකත්වයක නොවන බව ඒ ලඳ බොළඳ තරැණියට තේරැණේ නැහැ.

"විජය නන්දසිරි මහත්තයා සාමාන්‍යයෙන් වාඩිවෙන පුටුව කෝකද? කොහෙ වාඩිවෙලාද කෑම කන්නෙ...?" ඇය තෝරතෝංචියක් නැතිව ප්‍රශ්න අහනවා.

බිරිය හැඬූ කඳුළින්, අඩ සිහියෙන් මෙන් පුටු, මේස දිහා දෑත් දිගුකර පෙන්වනවා.

"අපි යමු උඩට ඒ මහත්තයා නිදා ගත්තු ඇඳ ෂූට් කරන්න," ඒ තරැණිය ඇගේ කැමරාකරැට කියද්දි. අසල සිටි කෙනෙක් ඇගේ කන ගාවට ගොස් මෙහෙම කිව්වලු.

"මේ වගේ වැඩ කරන්න එපා නංගි. ඕගොල්ලො අංක එක අංක දෙක වෙන්න හදන්නෙ මේ වගේ මිනිස්සු අසරණ වෙච්ච වෙලාවක මිනිස්සුන්ගේ හැඟීම් එක්ක සෙල්ලම් කරලද? මේකද ඕගොල්ලො ඉගෙන ගත්ත මාධ්‍ය සාදාචාරය.

 

DESHAYA



අදහස් (0)

නංගිගේ මාධ්‍ය සදාචාරය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 395 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 555 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site