IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ධනංජිගේ සිහිනේ සැබෑ වෙලා

2016-06-20-ent-101


මේ දිනවල ටෙලි නාට්‍යය කිහිපයකින්ම ඔබ හමුවන ධනංජි තාරුකා කළුආරච්චි නව පරපුරේ ජනප්‍රිය නිළියක්. නිළියකට අමතරව නර්තන ශිල්පිනියක ලෙසද සිය හැකියාවන් ඉදිරිපත් කරන ධනංජි දෙරණ රූපවාහිනි නාළිකාවේ විකාශය වන "ස්ටාර් සිටි" රියැලිටි තරගාවලියේ "රොක් එන්ජල්ස්ක" ණ්ඩායමේ සාමාජිකාවක් ලෙසද අපි දකිනවා. එමෙන්ම කාලයක් තිස්සේ ධනංජි බලාපොරොත්තු වූ සිහිනයක්ද මේ වනවිට සඵල වී තිබෙනවා. ඒ පිළිබඳව ධනංජි "සාරවිට" අපිට මෙලෙස තොරතුරු පැවසුවා.

කාලයක ඉඳලා මගේ හිතේ තිබුණ ලොකුම හීනයක් තමයි සිනමාවට සම්බන්ධ වෙනවා කියන එක. දැන් මගේ ඒ සිහින සඵල වෙලා තියෙනවා. මේ දිනවල මම චිත්‍රපට දෙකක් සඳහා සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ නිහාල් බණ්ඩාරගේ "සීමා නැහැ ආකාසේ" හා පබ්ලියෝගේ "බ්ලැක්මෙල්" කියන චිත්‍රපටවලට. "සීමා නැහැ ආකාසේ" චිත්‍රපටයේ මම පෙනී ඉන්නේ උප ප්‍රධාන චරිතයකට. නමුත්, "බ්ලැක්මෙල්" චිත්‍රපටයේ මම පෙනී ඉන්නේ ප්‍රධාන චරිතයට. මේ දවස්වල මෙම චිත්‍රපටවල අවසන් රූපගත කිරීම් සිදුවෙනවා. ඉතින් දැන් ඇඟිලි ගැන ගැන ඉන්නෙ මේ චිත්‍රපට කවදදා ප්‍රදර්ශනය කරන්නේ කියලා."

 

බුද්ධික සේනාධීර / ඡායාරූප - ධනංජිගේ ෆේස්බුක් ගිණුම

 



අදහස් (0)

ධනංජිගේ සිහිනේ සැබෑ වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 418 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 585 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 237 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site