IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


දැරියකගේ අහිංසක බලාපොරොත්තුව කාමාතුරයකු වනසයි

(එස් හේරත් සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

තම පෙම්වතාට හෙල්මට් එකක් අරන් දීමට එකතු කරගත් රුපියල් 8000 ක මුදලක් අතැතිව සිටි තරුණියක රවටා පැහැරගෙන ගොස් දූෂණය කර ඇය අත තිබූ මුදල් ද පැහැරගෙන පළා ගිය බව කියන තරුණයෙක් මාදම්පේ පොලීසිය විසින්  අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කඩිගමුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකි.

අදාළ තරුණියගේ අතින් ඇයගේ පෙම්වතාගේ හෙල්මට් එක පසුගිය දිනෙක බිම වැටී කැඩී යාම නිසා අලුතින් හෙල්මට් එකක් ඔහුට අරන් දීමට ඇය තීරණය කර ඇත.

පාසල් යන වයසේ පසුවන මෙම තරුණිය අත හෙල්මට් එකක් ගැනීමට තරම් මුදල් නොමැති බැවින් ඇය දන්නා කියන අයගෙන් මුදල් ඉල්ලා ගැනීමට තීරණය කර ඇත.

ඒ අනුව පසුගිය 18 වෙනිදා කරවිටාගාර සිට කාක්කපල්ලිය දක්වා මාර්ගය දිගේ ඇය දන්නා කියන අයගෙන් මුදල් ඉල්ලා එකතු කරමින් යන අතරතුර එම මාර්ගය අසල තැඹිලි විකුණමින් සිටි වෙළෙන්දකුගෙන් ද ඇය සිද්ධිය පවසා මුදල් ඉල්ලා තිබේ.

ඔහු ඇයට මුදලක් ලබාදී  තැඹිලි ගෙඩියක් ද කපා බීමට දී ඇත.

තරුණිය තැඹිලි වෙළෙන්දාට සිද්ධිය පවසන අවස්ථාවේ එතැන තවත් තරුණයකු සිට ඇතත් ඔහු පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමු වී නැත.

මේ අතරතුර පැමිණි බස් රථයකින් තරුණිය කාක්කපල්ලිය හන්දිය දක්වා ගොස් බසයෙන් බසින විට තැබිලි කඩේ ළඟ සිටි තරුණයා ද එතැනට පැමිණ තිබේ.

ඔහු තරුණිය සමග කතාවට වැටි තව කොපමණ මුදලක් අඩු දැයි තරුණියගෙන් විමසා ඇති අතර එම මුදල තමාට ලබා දිය හැකි බව පවසා තිබේ.

එම මුදල් ලබාදීම සඳහා තමා සමඟ පැමිණෙන ලෙස තරුණියට පවසා ඇති සැකකරු තරුණිය ද කැඳවාගෙන නැවත මැදගම පනිරෙන්ඩාව ප්‍රදේශයට ගොස් පනිරෙන්ඩාව ප්‍රදේශයේ ඇති පාලු පාළු නිවසකට රැගෙන ගොස් තරුණියව දූෂණය කර තිබේ.

තරුණිය දූෂණය කිරීමෙන් පසු ඇය අත තිබූ රුපියල් 8000 ක මුදල ද පැහැරගෙන අදාළ සැකකරු පලාගොස් ඇත.

පසුව තරුණිය තම නිවසට ගොස් දෙමාපියන්ට සිද්ධිය පවසා ඔවුන් සමඟ මාදම්පේ පොලීසියට පැමිණ පැමිණිල්ලක් කර ඇත.

අදාළ තරුණිය  තම පෙම්වතාව හමුවීම සඳහා හලාවත බස් නැවතුම්පොලට ගිය අවස්ථාවේදී සිද්ධියට අදාළ සැකකරු බස් නැවතුම්පපොලේ සිටිනු දැක තරුණිය ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම් දීමෙන් පසු පොලීසිය  සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (5)

දැරියකගේ අහිංසක බලාපොරොත්තුව කාමාතුරයකු වනසයි

Channa Tuesday, 20 June 2023 06:22 PM

පාසල් යන පෙම්වතියක් අතින් පෙම්වතාගේ හෙල්මට් එක කැඩුණාම, පෙම්වතා අලුත් හෙල්මට් එකක් ඉල්ලලා.... පාසල් යන දැරිවිය හෙල්මට් එකක් ගන්න සල්ලි ඉල්ලන්න පාරේ ඉන්න තැඹිලි වෙළෙන්දෙක් ළඟට ගියා. ඔතැන කතාව අහගෙන හිටිය කෙනෙක් මේ දැරිවි ගිය බස් එකේ ගිහින් බැහලා සල්ලි දෙන්න පාලු නිවසකට එක්කන් ගිහිල්ලා. දැරිවිත් සල්ලි ඉල්ලා ගන්න පාලු ගෙදරකට ගිහින්. දැරිවිව දූෂණය කරලා. මට කතාව විශ්වාස කරන්න අමාරුයි. ඒත් ඔයාලාට හිතෙන්නේ මොනවාද?

:       3       11

fairoos Tuesday, 20 June 2023 06:47 PM

ගැහැණු ළමයෙක් මෙහෙම හැසිරෙන්නේ මානසිකව අවුල් ද මන්දා

:       1       10

පැරකුම් Tuesday, 20 June 2023 10:15 PM

අධිකරණය පැකිලීමකින් තොරව චූදිතට උපරිම දඩුවම දෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

:       1       5

හේෂාන් Wednesday, 21 June 2023 12:37 PM

බිම වැටිච්චම කැඩෙන හෙල්මට්ද ඔලුවේ ආරක්ෂාවට තියෙන්නේ...!

:       0       14

pakeer Wednesday, 21 June 2023 02:08 PM

දෙමල චිත්‍රපටියක් වගෙ..අනෙ මඩ.....හරිම උභතොකොටිකයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හයේෂිකා සොයාන්න පොලිස් කණ්ඩායම් 3ක්
2025 මැයි මස 12 417 0

තරුණයකුගේ යටි බඩ ප්‍රදේශයට පා පහර කීපයක් එල්ල කළ බව කියන මාර්ග ගත ක්‍රමය ඔස්සේ ශිෂ්‍යත්ව පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ යන අන්වර්ථනාමයෙන් හදුන්වන හය


කෝටි 5ක කුෂ් කටුනායක ගුවන්තොටුපොළින් අල්ලයි
2025 මැයි මස 12 171 0

රුපියල් මිලියන 460 ක් හෙවත් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍යය ජාතික තරුණියක් සන්තකයේ තිබූ කු


දුම්රියේ ගැටි තරුණයකු මරුට
2025 මැයි මස 12 409 0

මැදගම පාසල පිටුපස පිහිටි දුම්රිය හරස් මාර්ගය ආසන්නයේදි දුම්රියේ ගැටිමෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අද (12)දින මිය ගොස් ඇතැයි පරසන්ගස්වැව පොලිසිය කියයි.


ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 772 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


දෙමටගොඩ චමින්දගේ කුඩු බෙදූ 3ක් මාට්ටු
2025 මැයි මස 12 593 0

මරණීය දණ්ඩනය නියමව සිටින පාතාලයකු වන දෙමටගොඩ චමින්ද නමැත්තාට අයත් රුපියල් කෝටි හතරකට ආසන්න මත්ද්‍රව්‍ය තොගයක් සමග එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සමඟ ත


කොළඹ ඇමැති බංගලා ලොකු කුලියක් ගෙවන රජයේ ආයතනවලට
2025 මැයි මස 12 699 0

කොළඹ ඇමැති බංගලා බොහොමයක් පෞද්ගලික ආයතනවලට ලොකු කුලී මුදල් ගෙවමින් පවත්වාගෙන යන අමාත්‍යාංශ ඇතුළු ආයතන වෙත ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අවධානය යොමුවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1190 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1494 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 385 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site