IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


දෙහිවල ගල්කිස්ස හිටපු නගරසභා මන්ත්‍රී ඝාතනයට ‘කොටියා‘ අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

දෙහිවල ගල්කිස්ස නගර සභාවේ හිටපු මන්ත්‍රී රන්ජන් සිල්වා මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි  සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු  වසර හතරකට පසු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ඥානේන්ද්‍ර පාර පදිංචි හෙට්ටිගොඩ ලියනගේ  මලිඳු ලක්මාල් නොහොත් "කොටියා "නැමැත්තෙකි 

මන්ත්‍රීවරයාගේ ඝාතනයට  සෘජුව සම්බන්ධ කොටියා නැමැත්තා අගුලාන සයුරු පුර මහල් නිවාස සංකීර්ණය අසල රැඳී සිටින බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා ට ලද තොරතුරකට  අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

සැකකරු විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන සිංහාර අමල් සාමින්ද සිල්වා නොහොත් කුඩු අන්ජුගෙ යන අයගේ  සමීපතම ඥාතියෙකු බවත් ඔහුගේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන්නෙක් බව පොලිසිය සඳහන් කරයි

ඊට අමතරව විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක යෙකු  වන එල්ලාවල ලියනගේ  ධර්මසිරි නොහොත් පැටියා යන අයගේ සමීපතම ගෝලයකු ලෙස කටයුතු කරන්නෙක් බව ද පොලිසිය කියයි 

අත්අඩංගුවට ගත් විසි නව හැවිරිදි සැකකරු දෙහිවල ගල්කිස්ස හිටපු නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වා මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම ඔත්තු බලමින් ආධාර අනුබල දීම ට අදාල චෝදනා ලැබූවෙක් ද බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුගේ ප්‍රකාශ මත  සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන එල්ලාවල ලියනගේ ධර්මසිරි නොහොත් පැටියා යන  අය විසින් සැකකරු වෙත ලබාදී තිබූ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බය රත්මලාන ගොනාකෝවිලේ සුසාන භූමියක් තුළ සඟවා තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.

2918 මැයි මස 24 වෙනි දින  දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රී රන්ජන් සිල්වා මහතා ඝාතනය කිරීමෙන් අනතුරුව සැකකරු තවත් පුද්ගලයන් කීපදෙනෙකු සමග විදේශ රටකට පලා ගොස් ඉකුත් දෙසැම්බර් මස මෙරටට පැමිණ  තිබූ බව පොලිසිය කියයි

සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, පොලිස් අධිකාරි සමන් ජයසේකර මහත්වරුන්ගේ උපදෙස් මත  ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත, උප පොලිස් පරීක්ෂක නිල් ප්‍රියන්ත , පොලිස් කොස්තාපල්වරුන් වන 78065 මේනක , 85557 වීරසිංහ ,87654 ලක්මාල් , 40527 කුමාර ,92438  මදුශාන් ,80965 එදිරිසිංහ මහත්වරු පරීක්ෂණ පවත්වති.



අදහස් (1)

දෙහිවල ගල්කිස්ස හිටපු නගරසභා මන්ත්‍රී ඝාතනයට ‘කොටියා‘ අත්අඩංගුවට

dickie bird Wednesday, 25 January 2023 09:59 PM

බිමල් ශ්‍යාමන් ජයසිංහ) එස්.එස්.පී දක්වා උරා බොයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site