IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


දේශබන්දුට රැකවරණය දුන් ව්‍යාපාරිකයාට ඇප

(කේ බුද්ධික කුමාරසිරි)

බන්ධනාගාර ගතව සිටින අනිවාර්ය නිවාඩු යවා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණයට භාරවීමට පෙර රැකවරණය ලබාදීම සහ ප්‍රවාහන පහසුකම් ලබා දීම යන චෝදනා මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් කෝටිපති ව්‍යාපාරිකයෙකු රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කඩුවෙල වැඩ බලන මහෙස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා අද (29) දින නියෝග කළේය

මෙලෙස ඇප නියම වූයේ තලවතුගොඩ ශාන්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ගිනි තොට පොල් වත්තගේ සුරංග සංජීව වීරසූරිය නමැති කෝටිපති ව්‍යාපාරිකයෙකි

සැකකාර ව්‍යාපාරිකයා විසින් තම මෝටර් රථ යොදාගෙන දේශබන්දු තෙන්නකෝන් මහතාට ප්‍රවාහන පහසුකම් ලබා දී ඇති බවට කරුණු අනාවරණය වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරු දෙවරක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීම් සිදුකර ඇති අතර ඉන් අනතුරුව සැකකරු තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක  ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත් වීම නිසාවෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ  සිටියදී මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් මත වැඩ බලන මහෙස්ත්‍රාත් කමල් ප්‍රසන්න විජේසිරි මහතා සැකකරු ප්‍රතිකාර ලබමින් සිටි තලවතු තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලට ගොස් සැකකරු පරීක්ෂා කර බැලීමෙන් පසු එම නියෝගය ලබාදීමට කටයුතු කර තිබුණි

මේ සම්බන්ධයෙන් හෝ වැඩිදුර නඩු විභාගය අප්‍රේල් මස තුන්වෙනි දින යළි කැඳවීමට නියමිත වේ



අදහස් (3)

දේශබන්දුට රැකවරණය දුන් ව්‍යාපාරිකයාට ඇප

ranjith Saturday, 29 March 2025 05:01 PM

දේශපාලුවන්ටයි, කෝටිපතියන්ටයි වරදක් කළාම රෝහලේ පිහිට පතනවා.

:       5       37

Suneth Saturday, 29 March 2025 07:56 PM

රජයේ දේපල වැය කරගෙන පොලිසියෙන් පොලිස්පතිව හොයනකොට හංගගෙන හිටපු මේ ව්‍යාපාරිකයා කෝටිපතියෙක් උනෙත් මේ වගේ වැඩ කරලද කියල හොයල බැලුවොත් බොහෝ දේ අනාවරණය වෙයි.

:       3       28

Sg Saturday, 29 March 2025 08:59 PM

මේවා හිනා යන වැඩ.

:       2       19

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නව පාප්තුමා 14 වැනි ලියෝ
2025 මැයි මස 08 1001 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව


සුදු දුමක්: පාප් ධුරයට සුදුස්සෙක් තෝරා ගැනෙයි
2025 මැයි මස 08 1810 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ


කොට්ටාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 මැයි මස 08 1159 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.


විනිමය ආඥා පනතේ සංශෝධනයට කැබිනට් අනුමැතිය
2025 මැයි මස 08 547 0

විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


හර්ෂ ඉලුක්පිටිය‌ගේ නඩුවෙන් විනිසුරුවරයෙක් ඉවත් වෙයි
2025 මැයි මස 08 2392 0

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ කටයුතු පෞද්ගලික සමාගම් දෙකකට පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වීසා නිකුත් ක


වජිර ධම්මගේ අභාවයට මැතිසබේ සොව
2025 මැයි මස 08 2202 0

හදිසියේ අභාවප්‍රාප්ත වූ පාර්ලිමේන්තුවේ කතා පරිවර්තක කාර්යාලයේ සිංහල ඉංග්‍රීසි අංශයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ කතා පරිවර්තක වජිර ධම්මගේ මහතා වෙනුවෙන් මැති ස


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1205 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 301 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site