දෙවැනි විශේෂ මහාධිකරණය අද (14) අළුත්කඩේ මහාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේදී විවෘත කෙරිණි.
කාලයේ සිදු වු බරපතල මූල්‍ය වංචා අපරාධ නඩු විභාග කිරීමට විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කළ අතර එහි දෙවැනි විශේෂ මහාධිකරණය මෙලෙස විවෘත කිරීම සිදු විය.
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම නව අධිකරණය විවෘත කළාය.
(36698)
ඡායාරූප - ලහිරු හර්ෂණ
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
දෙවැනි විශේෂ මහාධිකරණය විවෘත කෙරේ
Mahee Thursday, 14 March 2019 06:37 AM
නඩුකාර හාමුදුරුවරු රටටම වැදගත් නඩු අහන්නේ නැතුව සමහර නඩුවලින් ඉල්ලා අස්වෙනවනේ. නාගානන්ද මහත්තය දාපු අර කාර් පර්මිට් නඩුවෙන් අග විනිසුරුතුමත් ඉවත් වුනා නේ. කෝකටත් කියල මේ මහාධිකරණයට පිට රටින්වත් නඩුකාර උන්නාන්සේලා ගේමුද මැඩම්?
HafeelThursday, 14 March 2019 07:16 AM
නිකම් මාධ්‍ය සංදර්ශන පමණයි. මහජන මුදල් නාස්ති වෙන එක තමා වෙන්නේ. දැන් බලයට ඇවිත් අවුරුදු හතරටත් වැඩි. දඬුවම් දීපු හොරුත් නැහැ, මොකුත් නැහැ.
sena Thursday, 14 March 2019 07:25 AM
පළවැනි එකෙන්වත් කෙරෙන වැඩක් පෙන්න නැහැ - ඉතින් තව එකක් මොකටද?
sumith Thursday, 14 March 2019 08:03 AM
හරියට අධිකරණ බලය තියෙනවද කියල නඩු දාන්න නැත්නම්අ, ලි නඩුව වගේ අධිකරණ බලයනැහැ කියල නිකම්ම නිදහස් වෙලා යාවී
Sapumal. Thursday, 14 March 2019 08:18 AM
මේ විශේෂ අධිකරණ විවෘත කලත්, මේවායෙහි නඩු අහනවාට බයේ සමහර චුදිතයන් තමාගේ නඩුව ඇසීම වලකන නියෝගයක් ඉල්ලා නැවත නඩු දානවානේ. ඉතින් ඒ බරපතළ නීති විරෝධී ක්‍රියාවට වෙනමම දඩුවමක් දිය යුතුයි නේද ? ඒත් ඒවාට වගකිවයුතු අය නිහඬ ඇයි ?
sirimal Thursday, 14 March 2019 09:33 AM
වැඩක් වෙන්නේ නැහැනේ. නඩු දැම්මට චුදිතයෝ "අපට නඩු දාන්න එපා " කියලා දාන නඩු කල් දාගන්නවානේ. අවුරුදු හතරක් පොල් ගගා ඉඳල දැන් කොහොමද හාමිනේ ඉතුරු වෙලා තියෙන මාස දෙක තුනෙන් සේරම හොරු අල්ලලා හිරේ දාන්නේ? නොකෙරෙන දේවල් වලට කාලේ නාස්ති නොකර ගෙදරට වෙලා තියෙන වැඩක් පලක් බලාගෙන ඉන්න කියලයි කියන්න තියෙන්නේ.
සෙනෙවි Thursday, 14 March 2019 01:30 PM
අනුන්ට කපන දේශපාලන වලේ තමන්ම වැටෙන දවසට තමයි දුක් වෙන්න වෙන්නෙ
Saman Thursday, 14 March 2019 03:03 PM
බලන්නකෝ ඇමෙරිකාවේ, අවුරුදු 3ක් ඇතුළත ට්‍රම්ප් වටේ හිටපු වංචාකාරයෝ පස්දෙනෙක් නඩු අහලා හිරේදාලත් ඉවරයි. මෙහෙ තාම අතගානවා.
Bandara Thursday, 14 March 2019 10:33 PM
කවද හරි දවසක ලංකාවේ අපරාධ කරුවන්ට වඩා අධිකරණ සංඛ්‍යාව වැඩි වෙනවා
de silva berlin Friday, 15 March 2019 02:24 AM
අධිකරණ විවෘත කලාය මදි ලංකාවේ විනිසුරුවන් හිඟය නැති කල යුතුය , එම නිසා නඩු කල්යාම සිදුවේ , මහේස්ත්‍රාත් අධිකරණ වල ඉන්න විනිසුරන් ප්‍රමාණය මෙන් අවම වශයෙන් 3 ගුණයක්වත් අලුතෙන් බඳවාගෙන , අධිකරණ වල නඩු ඉඩම් , අපරාධ , රථවාහන වශයෙන් ඔවුන්ට බෙදා දී විසදීමට කටයුතු කල යුතුය .
piyasiri Friday, 15 March 2019 05:06 AM
කරන්න තිබුණේ ආපස්සට නඩු දමන්න දඟලන වෙලාවේ හොරකම් කරන හිල් වහන්න නීති හදන්න. ලොකු සංවර්ධන වැඩසටහන් පටන් ගන්න. අන්තිමට ගහපු බෙරේකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ.