(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාතර දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය අසලදී සිදු වූ ද්විත්ව ඝාතනයට යොදාගත් ටී පනස් හයේ ගිනි අවිය සොයාගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සඳහන්කරයි.
ඉකුත් මාර්තු මස 21 වෙනි දින සිදු වූ එම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයන් 15 දෙනකු අත්අඩංගුවට ගෙන එයන් 6 දෙනෙකු ප්‍රශ්න කර මුදාහැර තිබූූ අතර ඉතිරි පුද්ගලයන් 9 දෙනාගෙන් 6 කු බන්ධනාගාර ගත කර තිදෙනකු දින 90 ක ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරයි.
එම සැකකරුවන් තිදෙනාගෙන් හෙළි වූ තොරතුරු අනුව කැකනදුර යටියන පාරේ දේවේන්ද හේන පාර නිවසක වහලයේ සිවිලිම තුළ, ඝාතනයට යොදාගත් ටි 56 ගිනි අවිය සඟවා තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි.
සිදුවූ මෙම ඝාතනය විදේශගතව සිටින දෙහිබාලා නැමැත්තාගේ සහෝදරයා වසර කීපයකට ඉහතදී කාවාඩි පෙරහරක නර්තනයක යෙදි සිටියදී ඇති වූ පහර දීමක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර දිගින් දිගට සිදුවූ ආරවුලක ප්‍රතිඵලයක් බවට මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවීන්ද්‍ර කරවිට මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය පොලිස්පති, අම්පාවිල , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි( අධ්‍යක්ෂක) ඉමේෂා මුතු මාලි ,සහකාර පොලිස් අධිකාරී කළු ආරච්චි මහත්ම මහත්මීන්ගේ සෘජු අධීක්ෂණය යටතේ සංවිධානාත්මක අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් ගයන්ත මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් 60728 සංජීව පොලිස් කොස්තාපල්වරුන් වන 92371 මනුවිට 85151 මඩවල 97121 නන්දික 97479 පෙරේරා මහත්වරු පරීක්ෂණ පවත්වති.
රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ප්‍රපාතයකට පෙරලුණු බස් රථය අද පස්වරුවේ ගොඩගෙන ඉදිරි පරික්ෂණ කටයුතු සදහා කොත්මලේ පොලිසිය වෙත රැගෙන යනු ලැබීය.
මොරගහහේන මිල්ලෑව ප්‍රදේශයේ නිවසක් ආලෝකමත් කිරීමට සවිකර තිබූ විදුලි බුබුළු වැලක සිදුවූ විදුලි කාන්දුවක් නිසාවෙන් එම විදුලි බුබුළු වැල ස්පර්ශ කළ නව හැ
කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දෙවුන්දර ද්විත්ව ඝාතනයේ ගිනි අවියත් හමුවේ
dds Saturday, 12 April 2025 10:16 AM
මේ පාතාලයන්ට උදව් කෙරුවා කියලා පොලීසියේ ලොක්කෝ, නාකොටික් අය, එස්.ටී.එෆ්. හා හමුදාවේත් සම්බන්ධකම් කියැවෙනවා. කාරණා ඇත්නම් අධිකරණය දඬුවම්වලින් පසු ඒ අය සියල්ලෝම රැකියාවෙන් ඉවත්කළ යුතුයි...