IMG-LOGO

දියවැඩියා රෝගීන්ට උපවාස උපදෙස් දෙන්න හමාඞ් වෛද්‍ය සංස්ථාවෙන් හදිසි ඇමැතුම් අංකයක්

දියවැඩියා රෝගීන්ට උපවාස කිරීම සම්බන්ධයෙන් වන වෛද්‍ය උපදෙස් ලබාදීමට දුරකථන කේන්ද්‍ර කොටගත් හදිසි සේවාවක් හඳුන්වා දීමට හමාඞ් වෛද්‍ය සංස්ථාව කටයුතු යොදා තිබේ.

diabetes
55981331 දරන දුරකථන අංකය සතියේ දින හත පුරාම රාත්‍රී 8 සිට 11 දක්වා විවෘතව තැබෙනු ඇත.


ඒ අනුව දියවැඩියා රෝගීන්ට ඉහත අංකයට කතා කොට රාමදාන් මාසයේ දී පිළිපැදිය යුතු වෛද්‍යමය උපදෙස් ලබාගත හැකි බව හමාඞ් වෛද්‍ය සංස්ථාව පවසයි.


ශුද්ධ වූ මාසය තුළ දී ආහාර ගැනීම අඩු කිරීම උපවාසයේ නියැළෙන දියවැඩියා රෝගීන් අතර මන්දමධුරක්ති තත්ත්වයට බලපාන ප්‍රධානම හේතුව ලෙසින් හඳුනා ගෙන තිබේ.


දවසේ පැය 15 ක පමණ කාලයක් ආහාර සහ පාන වර්ගවලින් වැලැකී සිටීමෙන් දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ ග්ලූකෝස් අගය බරපතළ ලෙසින් පහළ බැසිය හැකි අතර එවිට ඔවුන්ට ඔවුන්ගේ දෛනික ජීවිතයේ යම් යම් කාර්යයන් කිරීමේදී අසීරුතාවයන්ට මුහුණ දීමට සිදුවන බව හමාඞ් වෛද්‍ය සංස්ථාවේ දියවැඩියා රෝගී විශේෂඥ වෛද්‍ය මහාමූද් අලි සිරී පවසයි.


සාමාන්‍යයෙන් දියවැඩියාව 1 ප්‍රබේදය සහ 2 ප්‍රබේදය ලෙසින් කොටස් දෙකකට බෙදනු ලැබේ. 1 වැනි ප්‍රබේදයේ දැයවැඩියාවෙන් පෙළෙන රෝගීන් (කුඩා කාලයේදීම රෝග ලක්ෂණ පෙන්නුම් කරන) ඉන්සියුලින් මත යැපෙන අතර ඔවුන් ක්ෂණික මන්දමධුරක්ති තත්ත්වයට පත්විය හැකි නිසා උපවාස නොකරන ලෙසට ඔවුන්ට උපදෙස් ලබාදෙයි.


2 වැනි ප්‍රබේදයේ දියවැඩියා රෝගීන් (ප්‍රධාන වශයෙන්ම වැඩිහිටියන්) සාමාන්‍යයෙන් ඉන්සියුලින් මත යැපෙන්නේ නැත.


සාමාන්‍යයෙන් මන්දමධුරක්ති තත්ත්වයක් හටගන්නේ දියවැඩියා රෝගීන් මුඛයෙන් ලබාදෙන හයිපොග්ලයිසෙමික් හෝ ඉන්සියුලින් මාත්‍රාව වෙනස් කිරීම, ආහාර ගැනීමෙන් වැලැකීම (උදාහරණයක් ලෙස උපවාස කාලය තුළ දී අළුයම් කාලයේදී ආහාර ගැනීම) හෝ අධික ලෙස කය වෙහෙසන කාර්යයන් හි නියැලීම වැනි තත්ත්වයන් නිසා බව වෛද්‍ය සිරී පවසයි.


මන්දමධුරක්ති තත්ත්වයේ මූලික රෝග ලක්ෂණ වන්නේ වෙවුළුම, අධික කුසගින්න, දියදිය දැමීම, හෘද ස්පන්ධනය පහළ බැසීම, අවධානය අඩුවීම සහ ව්‍යාකූල බවයි.


මෙවැනි රෝග ලක්ෂණ පහළ වුවහොත් වහාම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු අතර රෝග ලක්ෂණ නොසලකා හැරියොත් එය වලිප්පුව සහ සිහිමුර්ජා වීම වැනි බරපතළ රෝග ලක්ෂණ වර්ධනය විය හැකිය.



අදහස් (0)

දියවැඩියා රෝගීන්ට උපවාස උපදෙස් දෙන්න හමාඞ් වෛද්‍ය සංස්ථාවෙන් හදිසි ඇමැතුම් අංකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 528 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site