දුම්රියෙන් ගමන් කරමින් සිටියදී වනවාසල - කැළණිය අතර දුම්රිය ස්ථානයේ දී පිටතින් එල්ල වු ගල් ප්‍රහාරයක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටි කේ.ඒ.පුෂ්පකුමාර (49) පෙරදින රාත්‍රී මිය ගිය බව අනුරාධපුර පොලිසිය කියයි.
ඔහු උතුරුමැද පළාතේ විභාග සම්බන්ධීකරණ නිලධරයකු ලෙස සේවය කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දුම්රිය මගීයා ගල් පහරින් මරු දකී
පුෂ්පා Monday, 08 August 2016 04:57 AM
මේක නම් සහ ගහන අපරාධයක් . (ම)
චන්දිම Monday, 08 August 2016 05:02 AM
මේ වගේ රටකනේ අපිත් ඉපදුනේ,,, (ම)
නිශාන්ත Monday, 08 August 2016 05:13 AM
කවුද දෙවියනේ මේ අපරාධය කළේ? (නි)
බණ්ඩා Monday, 08 August 2016 09:43 AM
කවුරු මොනවා කිව්වත් ලංකාව කියන්නේ තවමත් ගෝත්‍රික මිනිසුන් ජිවත් වෙන රටක් මොරටුවේ සිට අලුත්ගම දක්වා හැමදාම දුම්රියට ගල් ගහනවා (බ)
අනුරාධ Monday, 08 August 2016 05:20 AM
රටේ නීතිය 100% සාධාරණව ක්‍රියාත්මක වෙන දවසක් උදාවේවා! මමත් දුප්පත් දුම්රියේ යන මගියෙක්. (නි)
එරන්ද Monday, 08 August 2016 05:28 AM
මිනිස්සු මේ ගල් ගහන්නේ රටේ පොදු සම්පතට නේද? ඒ ගහන ගලින් ජීවිත නැතිවෙන්නේ අහිංසක මිනිසුන්ගේ නේද? දහමක් හිත්වල නැතිවුණාම එහෙම වෙනවා (නි)
රත්න Monday, 08 August 2016 09:44 AM
දුම්රිය මාර්ගවල දෙපෙත්තෙන්ම අටවල තියන මුඩුක්කු වලින් තමයි මෙවෙනි දේවල් සිද්ධ වෙන්නේ ... දුෂණයෙන් පිරිණු මෙවෙනි ජීවිත රටාවන් .. දුම්රිය මාර්ග අසලින් ඉවත් කළ යුතුයි ... (බ)
කරු Monday, 08 August 2016 05:34 AM
පාද යාත්‍රාවට ගිය කෙනෙක් ද දන්නේ නැහැ (බ)
සමන් Monday, 08 August 2016 05:42 AM
ලංකාව වගේ මෝඩ මිනිස්සු ගොඩක් ඉන්න රටක ජීවිතය බේරාගෙන ඉන්න එකත් වාසනාවක්... (නි)
මහේෂ් Monday, 08 August 2016 05:47 AM
මිනිස්සු මොනතරම් වනචාරීද? අපරාදේ ජීවිතයක්! (නි)
විපුල Monday, 08 August 2016 05:47 AM
මොනතරම් අවාසනාවන්ත සිදුවීමක්ද? (නි)
සෙනරත් Monday, 08 August 2016 05:48 AM
හරිම කණගාටුදායක පුවතක් (නි)
ඔලිවර් Monday, 08 August 2016 05:50 AM
මෙහෙමත් විකෘති මානසිකත්වයක් තියෙන මිනිස්සු මේ රටේ ඉන්නවනේ? (නි)
ප්‍රසන්න බණ්ඩාර Monday, 08 August 2016 05:48 AM
මග දෙපස සියලු අනවසර නිවාස ඉවත් කරන්න (ම)
නිමල් රණසිංහ Monday, 08 August 2016 05:49 AM
මගේ රටට මක්වෙලාද? මිනිස්සු තනිකරම ම්ලේචච ජාතියක් වෙලා.අනේ මේ වගේ අපරාධයක් කලේ මොන හිතකින්ද.රටේ සාරධර්ම බල්ලාට ගිහින්.මෙම සාපරධිත අනතුරෙන් මියගිය සහෝදරයට නිවන් සුව අත්වේවා.(ම)
සිරිල් Monday, 08 August 2016 05:51 AM
මේ වගේ උන් තනිකරම මානසික ලෙඩ්ඩු, (ම)
චමින්ද Monday, 08 August 2016 06:38 AM
මානසික අතින් පිරිහුණු මිනිසුන්ගේ වැඩ (නි)
නාමල් Monday, 08 August 2016 06:39 AM
මෙවන් අවාසනාවන්ත දේ යළි අසන්නට නොලැබේවා! (නි)
මහේෂ් ඩුබායි Monday, 08 August 2016 06:41 AM
කැලණියේදී ගල් වැදුනා නම් අැයි අනුරාධපුරේ හොස්පිටල් එකට ගෙනියන්නේ? එතකන් ලෙඩා හිටියේ කෝච්චියේද? (බ)
විජේපාල Monday, 08 August 2016 07:00 AM
මට ලොකු කණගාටුවක් දැනුනා මේ පුවත අහලා (නි)
මහේෂ් Monday, 08 August 2016 10:35 AM
මේක පළමුවෙනි සිද්ධිය නෙමේ මේ වගේ සිද්ධ වුණ වනචාරීන් ජීවත් වෙන රටක් (බ)
සේනක-බළන්ගොඩ Monday, 08 August 2016 07:44 AM
මේ වගේ අහිංසක ජිවිත නැතිවෙනතුරු ඉන්නෙ ඇයි? යහපාලනය මොකද කරන්නේ? (නි)
ධම්මික Monday, 08 August 2016 07:49 AM
තිරිසන් මිනිස්සු! පව්, මේ මනුස්සයා ගැන දුකයි (නි)
දහම් Monday, 08 August 2016 08:01 AM
අවාසනාවන්ත මරණයක්. හරිම දුකයි (නි)
අබේ Monday, 08 August 2016 11:55 AM
තිරිසනුන් මෙවැනි අපරාද කරන්නේ නැහැ. මේවා කරන අය තිරිසනුන්ට වැඩා පහත් ජාතියක්. (ර)
ඉසුරු Monday, 08 August 2016 08:19 AM
නොමිනිසුන්ගේ තිරිසන් වැඩවලට ඔහු මුහුණ දුන්නේ. ඔය වගේ මිනිසුන්ට ස්වභාව ධර්මයාම දඬුවම් දෙන්න ඕනෑ. (නි)
නිමල් Monday, 08 August 2016 08:33 AM
මෙවැනි තොරතුරු - සිදුවීම සිදු වූ ස්ථානය අවට ප්‍රදර්ශනය කළ යුතුයි මේ අමන කටයුත්ත කරපු එකාට පෙනෙන්න. (ම)
නුවරඑළියේ වසන්ත Monday, 08 August 2016 09:21 AM
ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා කිවුවට අන්තයට පිරිහිච්ච රටකයි අප ජීවත් වෙන්නේ. අපේ රට මේ වලෙන් කවදා ගොඩ එයිද? (බ)