කොළඹ කොටුව - ගල්කිස්ස දුම්රියකට අද (14) උදේ කොල්ලුපිටියේ දී ගල් ගැසූ බව කියන හතර දෙනෙක් කොටුව දුම්රිය ආරක්ෂක හමුදාව මගින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මාළු අල්ලමින් සිටි මොවුහු කොල්ලුපිටිය පොලිසියට බාර දෙනු ලැබ සිටිති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දුම්රියට ගල් ගැසූ හතරකට වැඩ වරදී
ඉසුරන්දි Sunday, 14 August 2016 07:55 AM
මොවුන් මානසික ලෙඩ්ඩුද කොහෙද. ඉක්මනට ප්‍රතිකාර කළොත් හරියාවි. විශේෂයෙන් දුම්රියෙන් ගමන් කරන මගීන් පවා මාර්ගයේ දෙපස සිටින පුද්ගලයන්ට උසුළු විසුළු කිරීමෙන් වැළකි සිටිය යුතුය. (බ)
රොමේෂ් Sunday, 14 August 2016 08:26 AM
අඬු කඩන්න ඕන. දැන් කෝච්චිවලට ගල් ගහන එක රැල්ලකට ගිහින්. කෝච්චියේ පා පුවරුවේ අමාරුවෙන් එල්ලීගෙන යන මනුස්සයෙක්ට ගලක් වැදුනොත් කාට කියන්නද. අහිංසක මිනිස්සු, දවසම වැඩ කරලා මහන්සිවෙලා ගෙදර යන්නේ කොයිතරම් දුකක් විඳගෙනද දන්නේ ඒ මිනිස්සු විතරයි. මේ මානසික ලෙඩ්ඩු සෙල්ලමකට අරන් තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ ජීවිත. (බ)
ධම්ම Sunday, 14 August 2016 08:57 AM
ගල් ගැසූ අයට විරුද්ධව අපි පොල් ගසමු. (බ)
රජිත් මංජුල Sunday, 14 August 2016 10:30 AM
ගෝත්‍රික සමාජයක ගති ලක්ෂන තමයි මේ පෙන්නුම් කරන්නේ (බ)
අනුරාධ Sunday, 14 August 2016 10:36 AM
දිය හැකි උපරිම දඬුවම් දෙන්න තියෙන්නේ, ගහන්න බලන් ඉන්න එවුන්ටත් උණ ගැනෙන්න (බ)
කුමාර් (ගල්ෆ්) Sunday, 14 August 2016 10:56 AM
අරාබි දේශයේ නම් ගල් ගසාම දඬුවම් කරයි. (බ)