IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


දමයන්ති ෆොන්සේකාගේ පොකැට්ටුවට ජාතික රෝහලේදී විදලා

(අංජුල මහික වීරරත්න)

ප්‍රවීණ රංගනවේදිනී දමයන්ති ෆොන්සේකා මහත්මියගේ අත් බෑගය ගැට කපන්නන් විසින් කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයේදී සූක්ෂම අයුරින් විවෘත කොට එහි තිබූ මුදල් සහ බැංකු කාඩ් පත් අද (15) සොරා ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

දමයන්ති ෆොන්සේකා මහත්මිය වෛද්‍යවරයකු හමු වීම සඳහා විදුලි සෝපානයෙන් ඉහල මාලයට යන අතරතුර මෙම සිද්ධියට මුහුණ දී තිබේ.

සොරකම සිදුවන අවස්ථාවේ විදුලි සෝපානයේ අධික තදබදයක් පැවැති බව කියති. ගැට කපන්නා ඉතා සූක්ෂම ලෙස අත් බෑගයට අත දමා මුදල් සහ බැංකු කාඩ්පත් සොරාගෙන තිබේ.

නිළි රැජින අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ  නැගණිය වන දමයන්ති ෆොන්සේකා මහත්මිය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ මහතාගේ භාර්යාවයි. 

අත් බෑගයෙහි මුදල් වලට අමතරව දමයන්ති ෆොන්සේකා මහත්මියගේ ජාතික හැදුනුම් පත ද තිබී ඇති ඇත.

මේ සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකදී පිළිතුරු ලබාදුන් රංගන වේදනී දමයන්ති ෆොන්සේකා මහත්මිය පැවසුවේ අධි ආරක්ෂිත ප්‍රදේශයක් වන ජාතික රෝහල් පරිශ්‍රයේදී මෙවැනි සොරකම් සිදුවීම ගැන කඩිනම් පියවර ගත යුතුව ඇති බවයි.

ඇතැම් විට සැත්කම් ආදියට වියදම් කිරීම සඳහා කන කර පවා උකස් කර අසීරුවෙන් මුදල් සොයා ගෙන එන අහිංසක ජනතාවගේ මුදල් රෝහල් පරිශ්‍රයේදී ආරක්ෂා කරදීමට රෝහල් බලධාරීන්ට වගකීමක් තිබෙන බවද දමයන්ති ෆොන්සේකා මහත්මිය කීවාය. 



අදහස් (3)

දමයන්ති ෆොන්සේකාගේ පොකැට්ටුවට ජාතික රෝහලේදී විදලා

Chinthaka Wednesday, 16 July 2025 11:53 AM

සෝපානයේ අධික තදබදයක් තිබුණා නම් අත් බෑගය තමන්ගේ ඉදිරිපසින් තියාගෙන විමසිල්ලෙන් ගියා නම් ඔහොම නොවෙයි කියලා මට හිතෙනවා කොහොම වුණත් හොරා ජාතික රෝහලට අපහාසයක් කර තියෙනවා. රෝගීන්ට උපස්ථාන කිරිම බුදුහිමියන්ට උපස්ථාන කිරිමට සමාන නම් රෝගීන්ට මෙලෙස හිංසා කිරීම ගෙවාගන්න බැරි බරපතළම පාපකර්මයක් කිව්වොත් නිවැරැදියි.

:       1       20

දීපාල් Wednesday, 16 July 2025 02:05 PM

පොකැට්ටුව නැතිවීම කණගාටුවට කරුණක්... එයාගේ විතරයිද මෙච්චර කාලෙකට නැතිවෙච්චි එකම පොකැට්ටුව... අනේ මෙහෙමත් මාධ්‍ය...

:       4       18

කපුරුහාමි Wednesday, 16 July 2025 04:01 PM

ලෙඩ්ඩු බලන්ඩ එන අයගෙනුත් ගසාකන,සාත්තුකරනවා කියලා කෑමත් හොරාකාලා ,මොබයිල් ෆෝන් එකටත් විදින හොරු ඉන්නවා.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 152 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 357 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site