(නිමන්ති රණසිංහ)
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් ලබන 04 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ වැඩබලන ප්‍රධාන මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (21) නියෝග කළේය.
දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුට ඇප ලබා දෙන ලෙසට ඔහුගේ නීතිඥවරයා අධිකරණයට ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (21) යළි කැඳවූ අවස්ථාවේදී ය .
සැකකරු සම්බන්ධයෙන් වන විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම සැකකරු මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා තබා ඇති බවට බන්ධනාගාරය අධිකරණයට දැනුම් දුන්නේය.
සිද්ධියට අදාළ විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගත කිරීමට මෙහිදී නියෝග කළේය .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
දෙමටගොඩ රුවන් 4 දා තෙක් යළි රිමාන්ඩ්