ගත වු දින 270 දී මිනිස් ජීවීත 701 ක් දියේ ගිලීම් වලින් අහිමි වී ඇතැයි පොලිස් ජීවීතාරක්ෂක සංගමයේ සහකාර පොලිස් අධිකාරී එච් එම් චුලසිරි මහතා කියයි.
2013 ජනවාරි පළමු වැනිදා සිට සැප්තැම්බර් 30 දින දක්වා වු කාල සීමාවේදී මෙ මරණ වර්තා වී ඇතැයි චුලසිරි මහතා සහන් කළේය.
මෙම දියේ ගිලීම් වලින් මිය ගිය අය අතර වයස අවුරුදු 19 ත් 25 ත් අතර වයස් සීමාවන්හි 92 ක් අවුරුදු 08 -18 ත් අතර 88 දෙනෙක් අවුරුදු 8 න් පහළ 70 ක් ද සෙසු අය විවිධ වයස්වල පිරිස් බව හඳුනාගෙන ඇත.
2012 වසරේදී දියේ ගිලීම් වලින් මිනිස් ජීවිත 784 ක් අහිමිවී ඇති බවත් පෙර වසරවලට වඩා සාමාන්‍ය අඩුවක් පෙන්නුම් කැර ඇති බවත් චුලසිරි මහතා පැවසීය.
දියේ ගිලීම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිස් ජීවිතාරක්ෂක සංගමය මගින් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බවත් අනාරක්ෂිත වැව්වල දිය නෑමට යද්දී ඉතාමත් පරිස්සම්වන ලෙස සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් දියේ ගිලීම්වලින් සිදුවන මරණ සංඛ්‍යාව දෙවැනි වන්නේ රිය අනතුරුවලට පමණක් බවද චුලසිරි මහතා පැවසීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දින 270ට ජීවීත 700 ක් දියට බිලි