IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දකුණත් බස්නාහිරත් විසිරැවෙයි

දකුණු සහ බස්නාහිර පළාත් සභා විසුරුවා හරින ලෙස ඉල්ලීමේ ලිපි ප්‍රධාන අමාත්‍යවරු විසින් ආණ්ඩුකාරවරුන්ට භාර දී ඇත. දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පවසන්නේ පළාත් සභාව විසුරුවා හරින ලෙස ඉල්ලා කුමාරි බාලසූරිය ආණ්ඩුකාරවරියට ලිපියක් භාරදුන් බවයි. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද අද අදාළ ලිපිය අලෙවි මව්ලානා ආණ්ඩුකාරවරයාට භාරදුන්නේය. 12 දා මධ්‍යම රාත්‍රියේ පළාත් සභා දෙක විසුරුවා හැරීමට නියමිතය. පළාත් සභා විසුරුවා හැරීමෙන් පසු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කරනු ඇත. මාර්තු අග මැතිවරණය පැවැත්වෙනු ඇතැයි පැවසේ.



අදහස් (0)

දකුණත් බස්නාහිරත් විසිරැවෙයි

බණ්ඩා Sunday, 12 January 2014 04:03 AM

ආණ්ඩුවට ගේමක් නැහැ.(නදී)

:       0       0

රෝහණ Sunday, 12 January 2014 08:05 AM

මේ මංජු කියන කෙනා මේ තරම් කඩේ යන්නේ ඇයි? (නදී)

:       0       0

අනිල් Sunday, 12 January 2014 09:12 AM

ආණ්ඩුවට දකුණ නම් ප්‍රශ්නයක් නැතිවම දිනන්න පුළුවන් වෙයි. ඒත් බස්නාහිර නම් හරියටම කියන්න බෑ.මොනවා වුනත් අන්තිමට බර පැටවෙන්නේ ජනතාව පිට තමයි. (දී)

:       0       0

ජාලිය Sunday, 12 January 2014 10:18 AM

චන්ද දායකයා රජ වන කාලයක් (දී)

:       0       0

මහරගම සෝමරතන Saturday, 11 January 2014 06:39 PM

දැන් ඉතින් තියෙන්නේ වරිග සභා නේ මේකට දැන්ම නම් කරලා.(නදී)

:       0       0

එදිරිසිංහ ඉන්දික Saturday, 11 January 2014 06:43 PM

තවත් මැතිවරණයක් අපේක්ෂක උදවියගේ මුණත් තහඩුව ඉදිරියට බැබලෙයි වගේ.(නදී)

:       0       0

මංජු Saturday, 11 January 2014 06:50 PM

දකුණ යලි බාරයි ශාන් විජයලාල් මැතිදුනි ඔබට. ඔබගේ විජයග්‍රහණය ස්ථිරයි.(නදී)

:       0       0

මානගේ Saturday, 11 January 2014 07:37 PM

හිනාවෙන්න බැරුව හිටපු අයට හිනාවෙන්න හැකියාව ලැබෙයි.(නදී)

:       0       0

දර්ශන Saturday, 11 January 2014 07:37 PM

මේ සභා වලට යන කාගෙන්වත් වැඩක් නැහැ.(නදී)

:       0       0

නිරාන් Saturday, 11 January 2014 07:37 PM

අපේ සල්ලි.(නදී)

:       0       0

ලංකා Saturday, 11 January 2014 07:38 PM

බස්නාහිර නම් ආණ්ඩුවෙන් විසිවෙන ලකුණු තියෙන්නේ. දකුණ නම් කොහොමද දන්නේ නෑ.(නදී)

:       0       0

එදිරිසිංහ ඉන්දික Saturday, 11 January 2014 08:05 PM

බස්නාහිර ආණ්ඩුවට ලේසි නැහැ. දකුණ නම් ආණ්ඩුවට ගේමක් නැතිවෙයි. ජනපති තුමාගේ රටේ වැඩිපුර බලය දකුණේ තිබෙන නිසා රටේ ජනතාවට බුද්දිය ලැබේවා ඔය සබාවට දුක හදුනන නියෝජිත පිරිසක් පත් කිරීමට.(නදී)

:       0       0

සුනිල් Saturday, 11 January 2014 08:48 PM

දේශපාලකයින්ට දොස් කියලා වැඩක් නැහැ ඡන්ද දායකයෝ ඉන්නකම්.(නදී)

:       0       0

අමිල කටුනායක Saturday, 11 January 2014 08:54 PM

පලාත් සභා ජනතාවට බොරු බරක්. මේවා අහෝසි කල යුතුයි.(නදී)

:       0       0

ජගත් ලියනගේ Saturday, 11 January 2014 08:56 PM

අපිට තියන ලොකුම ප්‍රශ්නය තමයි, අපේ තාප්ප විනාස වෙන එක. පොස්ටර් වල හිනා වෙච්ච මූනුයි අපිට වැද ගෙන ඉන්න මූනුයි තමයි අපිට දකින්න වෙන්නේ. (නදී)

:       0       0

සොනාලි වීරසේකර. Saturday, 11 January 2014 08:57 PM

මංජු,මී හරක් කැමති මඩටමයි, ඌරො කැමති ජරාවටමයි. එහෙනම් ඔබත් එහෙමමද? (නදී)

:       0       0

ගාමිනී සිරි Saturday, 11 January 2014 09:19 PM

එහිට මෙහාට දොස්පවරන්න එපා.

:       0       0

සලීම් Saturday, 11 January 2014 09:26 PM

පුදුම වැඩක් සභා දෙකම එකම දවසේ විසුරුවන්ඩ ඉල්ලන එක මොකක් හෝ බාහිර බලවේගයක් ඇති.(නදී)

:       0       0

ජගත් ලියනගේ Saturday, 11 January 2014 09:28 PM

ඡන්දෙන් පස්සේ දිනපු අය අපේ තාප්ප්වල් ටිකත් සුද්ද කරලා දෙනවා නම් තමයි හොඳ.(නදී)

:       0       0

සංජීව මීගහවත්ත Saturday, 11 January 2014 11:18 PM

ජන්දෙන් පස්සේ මොනවා ගණන් යයිද?(නදී)

:       0       0

කර්ත්ලිස් අප්පුහාමි Sunday, 12 January 2014 12:47 AM

සල්ලි කන පළාත් සභා මට නම් පෙන්නන්ඩ බැහැ. අපේ පොඩි රටට මොන පළාත් සභාද? අපි ඡන්දය වර්ජනය කරමු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site