(මනෝප්‍රිය ගුණසේකර)
වසා ඇති ගිණුමකින් රුපියල් ලක්ෂ 80ක් වටිනා චෙක් පතක් නිකුත් කොට වංචා කළ බබවට චෝදනා ලැබ සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා ඊයේ (28) දින නියම කළේය.
නඩුව සමථයකට පත් කර ගැනීමට හැකියාව ඇති බවට විත්තියේ නීතීඥවරුන් දැනුම් දුන් අවස්ථාවේදී එවැනි සමථයක් ගැන තමන්ට දැනුම් දී නොමැති හෙයින් නඩුව විභාග කිරීමට දින නියම කරන්නැයි අගතියට පත් පාර්ශවයේ නීතීඥවරු කළ කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා නඩු විභාගයට එලෙස දිනන නියම කළේය.
2013 වසරේදී වසා ඇති ගිණුමකින් රුපියල් ලක්ෂ 80ක් වටිනාකමින් යුත් චෙක් පතක් සමිත අනුරුද්ධ නමැත්තාට ලබාදී එම මුදල වංචා කළ බවට විත්තිකාර තිළිණි ප්‍රියමාලි නමැත්තියට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා ඇත.
තංගල්ලේ පදිංචි සමිත අනුරුද්ධ නමැත්තාගේ මෝටර් රථයක් මිලදී ගන්නා අවස්ථාවේදී මෝටර් රථයේ වටිනාකම වෙනුවෙන් එලෙස වසා ඇති ගිණුමකින් මෙම නඩුවට අදාළ චෙක් පත නිකුත් කොට ඇති බව නඩු ගොනුවේ සඳහන් වේ.
නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකාර තිළිණි ප්‍රියමාලි නමැත්තිය අධිකරණයේ පෙනී සිටියාය.
විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුව සමථයකට පත් කර ගැනීමට හැකියාව ඇතැයි දැනුම් දුන්නේය.
ඒ අවස්ථාවේදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු ඉදිරිපත් කරමින් එවැනි සමථයක් ගැන තමන්ට දැනුම් දී නොමැති හෙයින් නඩුව විභාග කිරීමට දින නියම කරන්නැයි ඉල්ලා සිටියේය”
දෙපාර්ශවයේ නීතීඥවරු ඉදිරිපත් කළ කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා නඩුව ජූනි මස 05 සහ 06 දිනවල විභාග කිරීමට දින නියම කළේය”
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තිළිණි ප්‍රියමාලිට එරෙහි නඩුව විභාගයට