හිටපු අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේගේ ඇප නියෝගය අවලංගු කර ඇති බැවින් ඔහු අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.
අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාගේ අත්සනින් යුතුව අදාළ නියෝගය රහස් පොලිසියට යවා ඇතැයි වාර්තාවේ.
නීත්‍යනුකූල නොවන ආකාරයෙන් අලි පැටියකු ළඟ තබාගත් බව කියන තිළිණ ගමගේට නුගේගොඩ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ඇප ලබාදුන් නමුත් එම ඇප නියෝගය කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා පසුගිය 13 වැනිදා අත්හිටවනු ලැබීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘තිළිණ ගමගේ අධිකරණයට ගේන්න‘
නුවන් විජේවර්ධන Friday, 17 June 2016 07:32 AM
නිතිය සැමට සාධාරන බව ක්‍රියාවෙන් පෙන්වූ අධිකරණයට අපගේ ප්‍රණාමය..(බ)
විමල් Thursday, 16 June 2016 02:48 PM
ලොකු ලොකු අය ගැටෙන අලි පොරයක් මේක.පොඩි මිනිසෙකුට මෙහෙම වුනානම් ඉඩම් උගස් කරන්න වෙනවා කියලනේ කියන්නේ. නිතිය දිනේවා ! (බ)