(කුෂාන් ජයවර්ධන)
කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයේ හබරණ පලුගස්වැව ප්‍රදේශයේ දී වනඅලි මවක හා පැටවකු ඊයේ රාත්‍රිෙය් දුම්රියේ ගැටීමෙන් අනතුරට පත්ව තිබේ.
මඩකලපුව කොළඹ දුම්රිය මාර්ගයේ 205.5 කිලෝමීටර් කණුව ආසන්නයේදී කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මීනගයා සීග්‍ර ගාමී දුම්රියේ ගැටීමෙන් මෙම අලි මව හා පැටවා ඊයේ රාත්‍රි 12.30ට පමණ අනතුරට ලක්ව ඇති බව වනජීවී නිලධාරීහු පවසති.
සිදුව ඇති මෙම අනතුරින් දුම්රියේ ගැටුනු අලි පැටවා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර දුම්රියේ ගැටුනු මව් කෙනෙරද මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙයි.
මෙම දුම්රිය අනතුරින් මිය ගොස් ඇති අලි පැටවා අවුරුද්දක් පමණ වයසැති එකෙකු වන අතර මව් කෙනෙර අවු 20-ක් 25ක් පමණ වෙතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති.
එම මව් කෙනරට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට වනජීවී නිලධාරීන් කටයුතු සූදානම් කරමින් සිටී. අසාධ්‍ය තත්ත්වයේ පසුවන එම මව් කෙනෙරට අවශ්‍ය ආහාර පාන සැපයීමට වනජීවී නිලධාරීන් හා එම ප්‍රෙද්ශවාසීන් මේ වනවිට කටයුතු කරමින් සිටි.
එම ස්ථානයට පැමිණි අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වනජීවී පශ්‍ර වෛද්‍ය උදේශීකා මධුවන්ති මෙනවිය ඇතුලු එම කාර්ය මණ්ඩලය අසාධ්‍ය තත්ත්වයේ සිටින මව් කෙනරට ප්‍රථීකාර කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටින අතර ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යායේ නිලධාරීන් හා හබරණ පොලිස් ස්ථානය මගින් එම සිද්දිය සම්බන්ධයෙන් වූ විමර්ශණ කටයුතු සිදුකරමින් සිටි.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
තවත් අලි පැටවෙක් දුම්රියට බිළි: කෙනෙරට අසාද්‍යයි
සමන් - ඕමානය Friday, 29 September 2023 02:59 PM
දුම්රියේ ගැටී අලි මියයාම දැන් අධිකයි. දුම්රිය වේග පාලනය ගැන නීති තිබුණත්, එය නොතකා වේගයෙන් ධාවනය කරවීම ප්‍රධාන හේතුව බව ප්‍රකාශ වෙනවා. දුම්රියේ වේග නියාමනය "GPS" තාක්ෂණය මගින් ලෙහෙසියෙන්ම සිදුකළ හැකියි. (බස්වලට මෙම යෙදවුම කළා යන ප්‍රවෘත්තිය මීට කලකට ඉහත දී දැක්කා) GPS උපකරණය සවිකොට, දුම්රියේ වේගය නිරීක්ෂණය කළහැකියි. මේ සඳහා අධික වියදමක් යන්නේ නැත. නීති කඩන දුම්රිය රියැදුරන් හට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගත හැකියි. එවිට මේඅනතුරු අවම කරගත හැකිවනු ඇත. දුම්රිය බලධාරීන් හා ඇමතිතුමා මේ පිළිබඳව අවධානය යොමුකරනු ඇතැයි බලාපොරොත්තු වෙමි...!