IMG-LOGO

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවසර

(සුජිත් හේවාජුලිගේ )

ත්‍රිපෝෂ නිෂ්පාදනයට සෞඛ්‍ය අමාත්‍යාංශය යළි අවසර ලබා දී ඇත.

වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට යළි  ත්‍රිපෝෂ නිෂ්පාදනයට කොන්දේසි සහිතව  අවසරය  දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්  වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා  මෙසේ පැවසුවේ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය හමුවේදීය.

මේ අතර ත්‍රිපෝෂ වෙනුවට සහල් වලින් නව පෝෂ්‍යදායි නිෂ්පාදනයකට ලංකා ත්‍රිපෝෂ සමාගමේ අවධානය යොමුවී ඇත.

ත්‍රිපෝෂවල නියමිත ප්‍රමාණය ඉක්මවා  ඇෆ්ලටෝක්සින් ප්‍රමාණය අධික වීම හේතුවෙන් වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය තාවකාලිකව නවතා දැමීමට කටයුතු කළ  බව සෞඛ්‍ය අංශ නිලධාරීහු මෙහිදී පැවසූහ

ඒ එම වයස් කාණ්ඩයේ දරුවන්ට ලබා දෙන ත්‍රිපෝෂ වල ඇෆ්ලටෝක්සින් අගය 1කට වඩා අඩුවිය යුතු වුවත් එම අගය ඉක්මවා ගොස් තිබීම හේතුවෙන්  එම තීරණය ගනු ලැබූ බව එම නිලධාරීහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

කෙසේ වෙතත් පෝෂණ අවශ්‍යතා සහිත දරුවන්ට මෙම ත්‍රිපෝෂ ලබාදීම අවශ්‍ය බැවින් වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට  දෙන ත්‍රිපෝෂ වල ඇෆ්ලටෝක්සින් අගය 5 දක්වා  කොන්දේසි සහිතව ඉහළ දැමීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබාදී  ඇත



අදහස් (2)

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවසර

Dinesh Saturday, 01 June 2024 07:18 AM

පුදුම ආයතනයක් තමයි මේක. නිෂ්පාදන පමිතිය වැඩ කරනවා වෙනුවට පමිතිය මනින මිනුම් පහත දානවා.. ලමයි ලෙඩ්ඩු වෙනවා...

:       0       7

kotiya Saturday, 01 June 2024 08:39 AM

ඒකනේ කියන්නේ මෙතන. බොරුවට පිස්සු නටනවා. ඔය ඇෆිලටොක්සීන් ප්‍රමාණේ වැඩි කරලා අනුමත කලා නම් මීට කලින් ඉදලම මන්ද පෝෂණේ නවත්ත ගන්න තිබ්බා. මෙයාලගේ මොළේ හරියට වැඩ කරන් නැත්තේ මෙයලා පොඩි කාලේ ඔය ඇෆිලටොක්සීන් වැඩි ත්‍රිපෝශ කාපු නිසා වෙන්නෝන.....

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 291 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 466 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site