IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


තරුණ අමාත්‍යාංශයෙන් ඇඹිලිපිටියට තෑග්ගක්

(අංජුල මහික වීරරත්න)

ජාතික තරුණ සේවා සභාව හරහා ස්ථාපිත කෙරෙන  බහුවිධ මධ්‍යස්ථාන ව්‍යාපෘතියේ එක් මධ්‍යස්ථානයක් ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ  ස්ථාපිත කිරීමට යෝජනා වී ඇතැයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍යය එරංග ගුණසේකර මහතා පැවසීය.

ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන  ජාතික මධ්‍යස්ථානයේ නිරීක්ෂණයකට සහභාගී වීමෙන් අනතුරුව නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ  පවතින ගැටලු විසඳා ගැනීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස  උපරිම මැදිහත්වීම කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ නිලධාරීන් හමුවේ  පැවසීය.

සේවක හිඟය, ගොඩනැගිලි නවීකරණය සහ මධ්‍යස්ථාන පිවිසුම් මාර්ග ආශ්‍රිත ගැටලු නිරාකරණය කර ගැනීම වෙනුවෙන් අවධානය යොමු කරන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. 

නියෝජ්‍ය අමාත්‍යවරයා ජාතික යොවුන් සේනාංකයේ ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානය හා ජාතික තරුණ සේවා සභාවේ ඇඹිලිපිටිය පුහුණු මධ්‍යස්ථානය ද නිරීක්ෂණය කළේය.

මෙම අවස්ථාවට ජාතික නායකත්ව සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චන්දිමා මනම්පේරි මහත්මිය ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.



අදහස් (0)

තරුණ අමාත්‍යාංශයෙන් ඇඹිලිපිටියට තෑග්ගක්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්


අම්පාරේ බලය ජාජබට
2025 මැයි මස 06 63 0



හම්බන්තොට ප්‍රා.සභාව ජාජබට
2025 මැයි මස 06 331 0

ජාතික ජනබලවේගය හම්බන්තොට ප්‍රාදේශීය සභාවේ සභික ධූර 15 න් 8 ක් හිමිකරගනිමින් එම ප්‍රදේශීය සභාවේ බලය දිනාගැනීමට සමත් විය.


ස්වාධීන කණ්ඩායමක් ජයගත් පුංචිම නගර සභාව
2025 මැයි මස 06 7 0

ශ්‍රී ලංකාවේ පුංචිම නගර සභාව ලෙස සැලකෙන හපුතලේ නගර සභාවේ බලය ස්වාධීන කණ්ඩායමක් ජයග්‍රහණය කළේය.



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 832 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1255 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site