IMG-LOGO

තීරණයක් නැතිව පක්ෂ රැස්වීම අවසන් වෙයි



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රටේ පවතින තත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයකට නොපැමිණි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පවසයි.

මේ අතර රටේ පවතින තත්වය සම්බන්ධයෙන් හෙට (6) සහ අන්ද්දා (7) තවදුරටත් විවාද කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව  තීරණය කළේය.

රටේ පවතින තත්වය සම්බන්ධයෙන් අදත් හෙටත් විවාද කර අවසන් තීරණයකට පැමිණීමට එහිදී තීරණය කෙරුණු බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (5) පස්වරුවේ රැස්විය.

මේ රැස්වීමට ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකයෝ රැසක් සහභාගිවූහ.



අදහස් (0)

තීරණයක් නැතිව පක්ෂ රැස්වීම අවසන් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 147 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 353 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site