තායිවානයේ ,ඊවා එයාර් ගුවන් සමාගම වෙනුවෙන් සේවය කළ නවසීලන්ත ජාතික ගුවන් නියමුවෙකුගේ සේවය අත්හිටුවීමට එම ගුවන් සමාගම කටයුතු කර තිබේ.
මාස ගණනකට පසුව එරටින් කොරෝනා ආසාදිතයෙක් හමුවීමෙන් පසුව කොරෝනා වෛරසය නැවතත් තායිවානයට ගෙන ආ පුද්ගලයා ලෙස ඔහුට චෝදනා එල්ලවී තිබේ.
පසුගිය අඟහරුවාදා එම ගුවන් නියමුවාගේ ආශ්‍රිතයෙක් කොරෝනා ආසාදිතයෙක් ලෙස හඳුනාගැනුණු අතර එසේ තායිවානයෙන් කොරෝනා ආසාදිතයෙක් හමුවූයේ දීන 253කට පසුවය.
මෙම ගුවන් නියමුවාට දෙසැම්බර් මස මුලදී කොරෝනා වෛරසය වැළඳී ඇති නමුත් ඔහුට රෝග ලක්ෂණ මතුවී නොමැත.
තායිවානය සිය ගුවන් නියමුවන් සඳහා නිරෝධායන රීති හඳුන්වා දී ඇති අතර ඒ අනුව ගුවන් ගමනක් ගොස් නැවත පැමිණි පසු දින තුනක් අනිවාර්යෙන්ම නිරෝධායනයට ලක්විය යුතුය. ඔවුන්ව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරනු ලබන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් පමණි.
කොරෝනා වෛරස ආසාදිතයින් 777ක් සහ මරණ 7ක් තායිවානයෙන් වාර්තා වුුුුනි.
නත්තල් උත්සවය වෙනුවෙන් සංවිධානය කිරීමට නියමිතව තිබු උත්සව කිහිපයක් නවතා දැමීමට එරට බලධාරීන් තීරණය කර තිබෙන අතර නව අවුරුදු සමයේ ජනතාව තම නිවසට වී සිටීම සුදුසු බවට ද රජය යෝජනා කරයි.
(ගාඩියන් ඇසුරෙනි)
(125)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තායිවානයට කොවිඩ් ගෙනා ගුවන් නියමුවාට රැකියාව අහිමි වෙයි
pakeer Sunday, 27 December 2020 02:51 PM
අන්න රටවල්..අපේ දේශපාලකයෝ... ඇදුමෙත් මළපහ කරගනීවි.
sena Sunday, 27 December 2020 03:07 PM
ඒකට අපේ කට්ටිය හතරවරම් බොරු කියලා ඒ මිනිස්සු කොවිඩ් ගෙනාපු මිනිස්සු ආරක්ෂා කරනවා.
සත්‍යය Monday, 28 December 2020 02:03 AM
තායිවානය කියන්නේ අප රට වගේම කුඩා දූපතක්. ඡනගහනයත් ලංකාවේ මෙන් මිලියන 20 ක් පමණ. එරට බලධාරින් කෝවිඩ් වසංගතය පාලනය කරේ නීතිය හැමෝටම එක ආකාරයට ක්‍රියාත්මක කිරීමෙන්... තායිවානයේ කෝවිඩ් නිසා පාසැල්, විශ්වවිද්‍යාල, ආපනශාලා වැනි දේ කිසිඳු දිනක වසා තැබුවේ නැත. එමෙන්ම තායිවාන් ජාතිකයින්ගේ දැඩි විනයත් මෙම තත්වයට බලපාන්නට හේතු වන්නට ඇත...