ආණ්ඩුවෙ ජ්‍යොෂ්ඨ කැබිනට් ඇමැති සයිස් කස්ටිය කිහිපදෙනෙක් ඇඟ රත්වෙච්ච වෙලාවක කරපු කතාබහක් මේ... මාතෘකාව ඒකාබද්ධ විපක්ෂයෙන් ආණ්ඩුවට බාගැනීම....
බස්නාහිර පළාතෙ ජ්‍යෙෂ්ඨයෙක් මෙතෙන්දි කිව්ව ඇමැතිකම් දෙනවනම් ඕන වෙලාවක ඒකාබද්දෙ තුන්දෙනෙක් ගන්න පුළුවන් කියල. ඊළඟට කළුතර පළාතෙ ප්‍රබලයෙක් ඇහුව කව්ද ඒ තුන්දෙනා කියාපං මචං කියල
එහෙම ආවට ගියාට කියන්න බැහැ තුන්දෙනෙක් ඉන්නව... ඒක සත්තයි... උන්නැහේ ආයිම කීව... ඊට පස්සෙ එතන හිටපු පිරිසගෙත් පෙරුත්තය නිසා මේ තුන්දෙනා ගැන ඉඟියක් දෙන්න කතාව කිව්ව කෙනාට සිද්ධ වුණා.
එක්කෙනෙක් ගාල්ල මාතර පැත්තෙ කටකාරයෙක්. අනෙක උඩරට පළාතෙ මාලිගාවෙ තේවාව ඇහෙන මානෙ පදිංචි පොරක්. අනෙක් උන්නැහේ දඹුලුගල කිට්ටුව ඉන්න මහත්තයෙක්ලු. ඉතින් මේ ආරංචියෙ හරි වැරුද්ද ළඟදිම බලාගන්න පුළුවන් කියලත් කියනව.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
තුන්දෙනෙක් ගැන අමුතු කතාවක්