IMG-LOGO

තාක්ෂණ ප්‍රශ්න පත්‍රය දෙපැයක් ප්‍රමාදයි

මහනුවර වලල මධ්‍ය මහා විද්‍යාලයේ අපොස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ ශාලා අංක දෙකෙහි එක් කාමරයක සිසුන් 11 දෙනකුට සෙනසුරාදා (07) සවස තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රය දෙවැනි කොටස පැය දෙකක් පමණ ප්‍රමාධ වී ලබා දුන් බවට ලද පැමිණිල්ලක් අනුව වත්තේගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පසුවරු 12  සිට 3.30 දක්වා මෙම විෂයය පැවැති අතර තාක්ෂණවේදය ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකම එකවර ලබා දීමට නියමිතව තිබුණ නමුත්  පසුවරු දෙකත් පසුවී එක් සිසුවකු දෙවන කොටස පිළිබදව විමසීමෙන් පසුව එම කොටස ‍ලබා දී ඇතැයි පැමිණිල්ලේ සඳහන්ය.  ඒ වන විට පැය දෙකක් පමණ ප්‍රමාද වී තිබී ඇත.  

මෙම කොටසට පිළිතුරු සැපයීම සදහා විනාඩි 15 ක අතිරේක කාලයක් ලබා දී තිබුණද  එයද ප්‍රමාණවත් නොමැති බව පවසමින් මෙම සිසුන් 11 දෙනා පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

 මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව දැනුම්වත් කළ බව පොලිසිය කියයි.



අදහස් (0)

තාක්ෂණ ප්‍රශ්න පත්‍රය දෙපැයක් ප්‍රමාදයි

ජයරත්න Monday, 08 August 2016 06:42 AM

ශාලාධිපතිගේ පමණක් නොව පූර්ව සැළසුමේ පටන්ම වරදක් ඇති බව පැහැදිලියි. සිසුවෙකු විමසනතෙක් ශාලාධිපති හෝ පරීක්ෂකවරුන් කිසිවෙක් ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටසක් ඇති බව දැන සිට නැත. (නි)

:       0       0

සමන් පාලිත Sunday, 07 August 2016 07:15 AM

ශාලාධිපති වගකිවයුතුයි. (ත)

:       0       0

සමන් Sunday, 07 August 2016 07:35 AM

ශාලාධිපති වග කිව යූතුයි කවරය හොඳින් පරීක්ෂා කර නැහැ ලොකු වරදක් (හේ)

:       0       0

අනිල් Sunday, 07 August 2016 09:13 AM

මේ පැත්තේ ඉන්නේ ක්‍රීඩාවට දක්ෂ අය නිසා තාක්ෂණය එතරම් වැදගත් නැතැයි ශාලාධිපතිට හිතෙන්න ඇති...(හේ)

:       0       0

මුණසිංහ Sunday, 07 August 2016 09:36 AM

මෙවැනි නොසැලකිල්ලෙන් වැඩ කරන අයට තනතුරු දුන්නේ කවුද? ශාලාදිපතිකමෙන් ඉවත් කරලා දඬුවම් දුන්නත් ළමයින්ට වෙන පාඩුව මකන්න බැහැ. මේ ළමයින්ට \"A \" පාස් එකක් දෙනවද? නැහැනේ.(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 524 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site