IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘‘ණය ප්‍රතිව්‍යුහය ගැන මතය නොකියන මන්ත්‍රීන් ඉල්ලා අස්විය යුතුයි ‘‘

(අංජුල මහික වීරරත්න)

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන තම මතය  නොකියන විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මිලියන 57 ක් වන තැන්පත්කරුවන් වෙනුවෙන් එම ප්‍රකාශය කළ යුතු බව කී මන්ත්‍රීවරයා ඔවුන් ඉල්ලා අස්වුවහොත්  පොදු ජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතාට  අලුත් අය පත් කරගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි කීය.

විපක්ෂය කියන්නේ තැන්පතු කරුවන්ට තවත්  බදු පනවන්න කියාදැයි ප්‍රශ්න කළ අබෙිවර්ධන මහතා එවැන්නක් කෙලින් කියනවා නම් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරනු ඇති බව පැවසීය.

 EPF සහ ETF අරමුදල් වල පොලී අනුපාතය  9% ක් විය යුතු බවට  2020, 2021, 2022 වසරවල තීරණය කළේ  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේදී බවද  එකල  කැබිනට් මණ්ඩලයේ සිටි ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම වැනි අය අද මෙය වැරදි බව ප්‍රකාශ කිරීම උභතෝකෝටිකයක් යැයිද අබෙිවර්ධන මහතා කීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාර්ලිමේන්තුවට ලැබී තිබෙන මූල්‍ය බලය දේශපාලනය සඳහා භාවිතා නොකළ යුතුයැයිද  එසේ කළහොත් මුලු රටක්ම විනාශ වී යනු ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

උද්ධමනය අඩු වෙන විට තැන්පත්කරුවන්  සියලු දෙනාටම එහි වාසිය ලැබෙන බවද  බංකොලොත් රට ගොඩ ගැනීමට  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  සැලසුම් කරන විට කිසිඳු සැලැස්මක් නැති අය  එහෙන් මෙහෙන් කොටස් අරගෙන පහරදී සැලැස්ම කඩකප්පල් කළහොත්  රට නැවත වරක් කඩා වැටෙනු ඇතැයි ද  කී අබෙිවර්ධන මහතා ඒ නිසා සියලු දෙනා රටේ මූල්‍ය තත්ත්වය ගැන තේරුම් ගැනීම වැදගත් යැයි ප්‍රකාශ කළේය.

යම් කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමෙිදී ජාතික එකඟතාවයක් අවශ්‍ය බවට ජනාධිපතිවරයා ජනාධිපතිවරයා පුන පුනා කියන්නේ ඒ නිසා බවද ආර්ථිකය සම්බන්ධයෙන් ද ජාතික එකඟතාවයක් අවශ්‍ය වන අතර  දේශපාලනය  රටේ ආර්ථිකයට අගතියක් නොවී වෙන ආකාරයකට කළ හැකි බවද වජිර අබෙිවර්ධන මහතා සඳහන් කළේය.

 



අදහස් (7)

‘‘ණය ප්‍රතිව්‍යුහය ගැන මතය නොකියන මන්ත්‍රීන් ඉල්ලා අස්විය යුතුයි ‘‘

SISIL Friday, 30 June 2023 05:05 PM

ඩී එස් සේනානායක මහතා බිහිකළ පක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයකුට එල්ල වූ පළමු චෝදනව නාගහනන්ද මහතා ඔබට කරන්නා වූ චෝදනාවලට පිළිතුරක් ලබාදෙන්න...

:       0       11

Bamunuarachchi Friday, 30 June 2023 06:33 PM

හරියට හරි... නායකයාට බයේ තම මතය කියන්න බැරි ගොබ්බයින් පාර්ලිමේන්තුවට වැඩක් නැහැ. තම මත ප්‍රකාශ කිරීමේදී මොවුන්ගේ බුද්ධි මටටම අපිට තේරුම් ගන්න පුළුවන්...

:       5       5

ranjith Friday, 30 June 2023 06:47 PM

මහජන ඡන්දයකින් පත් නොවුණු පින් මන්ත්‍රීලා ඉවත් වෙන්න ජනතා ප්‍රසාදය සහිත නියෝජිතයෙකුට අවස්ථාව දීලා...

:       2       18

චන්දිම ෆොන්සේකා Friday, 30 June 2023 07:35 PM

මේක මාර රටක් වෙන්නයි යන්නේ. ඡන්දෙන් පැරැදිලා කුණුකූඩේට වැටිලා හිටපු උන්දැලා යන්තම් ලැයිස්තුවෙන් රිංගගෙන දැන් අනිත් උන්දැලාට අරහෙම කරපං, මෙහෙම කරපං කියලා රේගුලාසිත් දාන්න පටන් අරන්. අනේ මන්දා විනාශ කලේ විපරිත බුද්ධිය කිව්වාලු...

:       1       15

සල්ලි Friday, 30 June 2023 07:46 PM

තෙල් බේරෙන මූණ . අපිත් ආසයි MP ලා වගේ හොදට කාලා බීලා ඉන්න. සැප වැක්කෙරෙනවා.

:       1       13

chandima Saturday, 01 July 2023 05:17 AM

ප්‍රතිව්‍යුහගත කරනවා කියන්නේ මොකක්ද කියලවත් නොදැන මොන මත ඵලකිරිල්ලක්ද? අනික ඔව්වට හා හූ කියලා ආයෙත් ගෙවල් ගිනි තියන්න කවුද කැමැති...?

:       0       1

Perera Saturday, 01 July 2023 10:04 AM

දකුණු ලකේ පිංගොට්ටා පැරදීලා ගෙදර ගියා... පිං ජනපති ඉන්න නිසා බක බක ගානවා ගෙම්බා...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 592 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 742 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site