IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඩමියට පාඩමක්

2016-05-18-ENT-103හිටපු ලොකු තැන ඊයෙ පෙරේදා උගන්ඩාවෙ ගියා. ඒ ගමනට තමන්ගෙ මද්දුම පුත්‍රයවත් එක්  කරගන්න බැලුවත් එයාගෙ පාස්පෝට් උසාවියෙ නිසා ගමනට අධිකරණය අවසර දුන්නෙ නැහැ. 

ලොක්කගෙ පුතා යන්නෙ නැත්නම් ඔහුත් එක්ක යන දූත කණ්ඩායමේ එක සාමාජිකයකුට ඉඩ තියන බව ආරංචි වුණා. බස්නාහිර පළාතෙ ඇමැතිකම් කළ මහරගම පැත්තෙ පොරක් ගමනට ට්‍රයි කළා...

"අනේ සර් යෝෂිත වෙනුවට මාව එක්ක යන්න..."  ඔහු පරණ ලොක්කගෙන් ඇසුව... ඒත් ලොක්කගෙන් ඒකට කිසිම ප්‍රතිචාරයක් ලැබුණෙ නැහැ. &ඔහේ මාත් එක්ක තායිලන්තෙත් ගියා... දැන් මේකටත් එන්නද හදන්නෙ..." හිටපු ලොකු තැන ප්‍රශ්න කළා.

"එහෙනම් මම ටිකට් අරන් එන්නම්" මහරගම පොර කනිපින්දම් කිව්ව.

"පිස්සු කතා කරන්න එපා අයිසෙ... මේ ගමනට තමුසෙට යන්න බැහැ එච්චරයි. තීන්දුයි.." හිටපු ලොකු තැන තීන්දු කළා.

"එහෙනම් ඉතින් මොනව කරන්නද" මහරගම පොරට කියැවුණා. පසුගිය ජනාධිපති ඡන්ද කාලෙත් ආරක්ෂක හේතුමත හිටපු ලොකුතැන වගේ ඇඳල පැලඳල උන්නැහේගේ "ඩමිය" හැටියට නිල රතේක ගමන් කරපු මහරගම යාලුව හැම එකටම හොට දාන්න ගිහින් මේ පාර පාඩමක් ඉගෙන ගත්තය කියලයි ආරංචි.

 

DESHAYA



අදහස් (0)

ඩමියට පාඩමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 769 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 375 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site