දේශගුණික විපර්යාස සහ ගංවතුර හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය වැඩිවී තිබෙන බවත් දැනට වාර්තා වන රෝගීන්ගෙන් සියයට 50 ක් කොළඹ දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වීම විශේෂත්වයක් බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
බදාදා (13) සිට සිකුරාදා (15) දක්වා ක‍්‍රියාත්මක කිරීමට නියමිත තෙදින ඩෙංගු මර්දන වැඩසටහන පිළිබදව මාධ්‍ය දැනුවත් කරමින් අද (13) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී ඔහු මේ බව පැවසීය.
ඔහු මෙසේ ද කීය
“කඩුවෙල, කොළොන්නාව, දෙහිවල ගල්කිස්ස මහනගර සභා සීමා වලින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. 2009 වසරේ දී ඩෙංගු රෝගීන් 35000 ක් වාර්තා වූ අතර සිදු වූ මරණ සංඛ්‍යාව 346 ක්. 2012 වසරේ දී ඩෙංගු රෝගීන් 44,460 ක් වාර්තා වූ අතර මරණ 186 ක් සිදුව තිබෙනවා. 2015 වසරේ දී මරණ 56 ක් සිදු වූ අතර, හමු වූ රෝගීන් සංඛ්‍යාව 29,999 කි. 2016 වසරේ මේ වනවිට ඩෙංගු රෝගීන් 22,799 ක් වාර්තා වී තිබෙනවා.“
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඩෙංගුවා කොළඹ බරටම වැඩ
යසන්ත Tuesday, 12 July 2016 09:38 AM
කාගෙන් හරි දක්ත ටික අරගෙන කියවනවා. ඩෙංගු මර්දනය නිසි පරිදි වෙනවද කියලා බලන්න යාන්ත්‍රණයක් නැහැ....(හේ)
ෆ්‍රෙඩ්‍රික් Tuesday, 12 July 2016 10:14 AM
පිළියන්දල පොලිසියයි පරිසර ලොක්කයි ඩෙංගු පතුරවන්නේ (බ)
රජිත් මංජුල Tuesday, 12 July 2016 11:38 AM
කොළඹ දැන් ප්‍රසිද්ධ ඩෙංගු වලටද ? (බ)
සුරනිමල Tuesday, 12 July 2016 07:52 AM
ඩෙංගු මර්ධනයට කියුබාවෙන් උපදෙස් ගන්නේ නැත්තේ ඇයි? මේ කරන තරමක් කරන්නේ මහජන මුදල් විනාශයක් (බ)