IMG-LOGO

ටෙලි නිළියගේ බැංකු ගිනුම් අත්හිටුවයි

වෙලේ සුදාගේ හෙරොයින් ජාවාරමෙන් රැස්කළ මුදල් විශුද්ධිකරණය කළැයි කියන ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි උදයංන්ති කුලතුංග මහත්මියගේ බැංකු ගිණුම් තහනම් කරමින් කොළඹ මහාධිකරණය මහ බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකයට නියෝගයක් නිතුත් කැර ඇතැයි රහස් පොලිසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට දැන්වීය.

රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් විරසිංහ මහතා කියා සිටියේ මහාධිකරණයේ එම නියෝගය පිළිබඳ තොරතුරු ඉදිරි දිනයක දී අධිකරණයට දැනුම් දෙන බවයි.

උදයන්ති කුලතුංග මහත්මිය හා ඇගේ සොයුරිය අධිකරණය හමුවේ පනී සිටියෝය. උදයන්ති මහත්මියගේ සොයුරියගේ නමින් මූල්‍ය ආයතනයක තැන්පත් කැර ඇති රුපියල් කෝටියක ස්ථිර තැන්පතු මුදල හා බැංකු දෙකක ගිනුම් අත්හිටුවා ඇත්තේ කවර නියෝගයකින් දැයි ඇගේ නීතීඥ අසේල රැකව මහතා විමසා සිටි අවස්ථාවේ දී රහස් පොලිසිය මේ බව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.

ටෙලි නිළිය අධිකරණයෙන් පිටත දී කීවේ තමාට එරෙහිව නැගන චෝදනා අසත්‍ය බවයි.



අදහස් (0)

ටෙලි නිළියගේ බැංකු ගිනුම් අත්හිටුවයි

ජයපාල Friday, 19 June 2015 01:15 PM

එයා ගැන කවුද නොදන්නේ? (නි)

:       0       0

නන්දන Friday, 19 June 2015 01:31 PM

ඔය නිලි කමෙන් මේ ටික කාලෙට ඔච්චර මුදලක් හම්බ කරන්න බැහැ කියලා ඕනෑම කෙනෙකුට තේරෙනවනේ. (ර)

:       0       0

සරත් Friday, 19 June 2015 02:10 PM

හොරා කියාවිද මම හොරකන් කරා කියල මෙහෙමත් කතා. (බ)

:       0       0

ශ්‍රීලාල් Friday, 19 June 2015 02:31 PM

මෙන්න පළි ගන්නෝ .......(බ)

:       0       0

ශාන් සෞදි Saturday, 20 June 2015 07:43 AM

දැන් පසුගිය කාලේ අපේ නිළියෝ රැස්වීමක් තියල මාධ්‍යට මහා ඉහලින් කීව නේද නිළියෝ කුඩු කාරයෝ අතර සම්බන්ධයක් නෑ කියල දැන් මොකද කියන්නේ තව අය ඇති අපි බලමු තව කවුද එලියට ගන්නේ කියල කොරන්න තියන හැම දේම කරලා ජනතාවට බොරුවට මවාපානවා සුද්ධෝදනල වෙන්න අපි නොදන්නා නිළියෝ (බ)

:       0       0

සුරනිමල Saturday, 20 June 2015 12:31 AM

මිටි තැනින් දිය බහිනවා වගේ කෝ ඒ දවස් වල හෙළිකළ දේශපාළුවන් හා අනෙක් ලොකු ලොක්කෝ? (නි)

:       0       0

තිලක් Saturday, 20 June 2015 01:25 AM

කෝ මේකට සම්බන්ධ දේශපාලුවො ටික? එයාලා හොඳ මිනිස්සුද දැන්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 113 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 147 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site