(යොහාන් භාසුර)
ඔක්සිජන් ජනන යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරයකට අනුමැතිය දීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ඇමති දියණියකගෙන් කප්පම් ඉල්ලා ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
අදාල ටෙන්ඩරයට අනුමැතිය දීමට නම් සිය විශ්‍රාම වයස දීර්ඝ කරදෙන ලෙස අදාල අතිරේක ලේකම්වරයා ඇමති දියණියගෙන් ඉල්ලා ඇති බවත් විශ්‍රාම යෑමෙන් පසු ජීවත්වීම සඳහා වැඩිමිල ලංසුව ඉදිරිපත් කළ ආයතනයට එය ලබාදීම අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයාගේ දියණියට දැනුම් දී ඇතැයි කුමුදේශ් මහතා වැඩි දුරටත් කීය.
විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ
මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ටෙන්ඩරයට අනුමැතිය දෙන්න ඇමති දියණියගෙන් කප්පම් ඉල්ලලා
Vijeekeerthi Tuesday, 29 November 2022 07:21 PM
ඇයි උන්දැට විශ්‍රාම වැටුපක් ගන්න හිමිකමක් නැද්ද විශ්‍රාම වැටුපක් තිබුනත් සේවා කාලයේ අක්‍රමිකතා කරපු කෙනෙකුට විශ්‍රාම වැටුපෙන් ජීවත්වෙන්න බැහැ හරියට ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයක දැව බලපත්‍ර හෝ දෙපාර්තමේන්තු වල සැපයීම කරන නිළධාරින්ට වගේමයි මොකද එහෙම අය ඉන්නෙ ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ වගේ සිතාගෙන තමයි එම නිළධාරිට කියන්න අල්ලස් දීමත් ගැනීමත් වරදක් වගේම පුද්ගලික හේතු මත රාජකාරි කිරීමත් වරදක් වෙනවා කියලා.
Bamunuarachchi Tuesday, 29 November 2022 08:18 PM
මොහුගේ විශ්‍රාම වයස දීර්ඝ කර ජීවත් වීමේ කාලසීමාව අඩුකරන්න.
Dil Perera Tuesday, 29 November 2022 09:39 PM
බයිලා කියන්න ඒපා. ඔතරම් තොරතුරු දන්නව නම් හෙට උසාවියේ නඩුවක් දාන්න. නිකම් ලු කතා කියන්න ඒපා. ඒ්වා හොඳයි ඔබේ වෘත්තීය සංගමයේ සමාජිකයන්ගේ හිත පිනවන්න. අපට නම් තිත්තයි.
Prabha Tuesday, 29 November 2022 10:29 PM
එතකොට තීන්දු ගන්නේ ඇමැතිත් නොව ඇමති දියණියද ?
RMZWednesday, 30 November 2022 12:33 PM
එතකොට තීන්දු ගන්නේ ඇමැතිත් නොවන ඇමති දියණියගෙන්ද?..
අල්ලිස් හාමිWednesday, 30 November 2022 03:58 PM
ප්‍රභා උසාවිවල තමන් නිර්දෝශියි... තමන්ට කියන්න අමාරුනම් කරන්නේ පෙරකදෝරු මහතෙක් හෝ මහත්මියකගේ සහාය ලබාගැනීමයි. ඒ වගේ ඇමතිගේ පුද්ගලික හෝ සම්බන්ධීකරණ ලේකම් දුව සමග බියකින් තොරව කතාකර වැඩේ කරන්න හදන්නේ නිකම්ම නොවෙන්න පුළුවන් කියලා හිතෙන්නේ නැද්ද?
sharm warn Wednesday, 30 November 2022 02:15 PM
ඇමැති දියණියට ටෙන්ඩර් දාන්න පුළුවන්ද? එතකොට මේවායේ දේශපාලන හෙංචයියන්ගේ ව්‍යාපාර තියෙනවා කියන කතාව නිකන්ම ඇත්ත වෙලා නේද? ජනතාවනි, නින්දෙන් ඇහැරෙන්න. ඇස් ඇරලා බලන්න. ඔවුන්ගේ නිරුවත එළියට එමින් තියෙන්නේ...!