ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නිදන්ගත ශිරා ඌණතා රෝගී තත්ත්වයකින් පීඩා විඳින බව, ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකා කැරොලයින් ලීවිට් පවසා ඇත.
ධවල මන්දිර මාධ්‍ය ප්‍රකාශිකාව මේ බව පැවැසුවේ, ට්‍රම්ප්ගේ එම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ධවල මන්දිර වෛද්‍යවරයා ලබා දුන් වාර්තාවක් ද මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරමිණි.
79 හැවිරිදි ට්‍රම්ප්ගේ පාදවල ඉදිමීම් දකින්න ලැබෙන අතර, අත්වල තැලීම් වැනි පැල්ලම් දකින්න ලැබෙන ලැබෙන බව පැවැසෙයි. ඒ අනුව, ට්‍රම්ප්, ධවල මන්දිර වෛද්‍යවරයා හමුවට යොමු කළ අවස්ථාවේදී, අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයක් සිදු කළ බව ලීවිට් මාධ්‍ය හමුවේ පැහැදිලි කළාය.
එහි ප්‍රතිඵල අනුව, ධවල මන්දිර වෛද්‍යවරයා තීරණය කර ඇත්තේ, ට්‍රම්ප්, නිදන්ගත ශිරා ඌණතා රෝගී තත්ත්වයකින් පීඩා විඳින බවය.
කෙසේ නමුත් දැනට මෙය බරපතල තත්ත්වයක් නොවන බවත්, අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයන් අතර සාමාන්‍ය තත්ත්වයක් බවත් වෛද්‍යවරයා සිය වාර්තාවෙන් පැහැදිලි කර ඇත.
(එන්.ඩී.ටීවී.)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ට්‍රම්ප් ලෙඩ වෙලා
රනේ Friday, 18 July 2025 06:10 AM
පේන්න තියෙන්නෙ නම් වෙන අසනීපයක්?
Bunny Preena Friday, 18 July 2025 08:56 AM
ගාසා තීරයේ ඝාතනය කරන ලද දරුවන්ගේ සහ දරුවන්ගේ මව්වරුන්ගේ ශාපයම තමයි ඔහුට ලැබෙන්නේ. වැඩි කාලයක් යාමට පෙරම ඔහුට කෙඳිරි ගගා තමයි ඉන්න වෙනේ. විශ්වාස කරන්න. කලකම් පලදෙන බව.
Jayasekara Friday, 18 July 2025 08:57 AM
මුළු ලෝකෙටම දෙන ගින්දරවලට ඉරිතලලා , පුපුරාලා. තව මොනවා වෙයිද දන්නේ නෑ ඉදිරියට...
Ekanayake Friday, 18 July 2025 09:29 AM
අද (18) ලංකාවෙන් ටීම් එකක් USA එන නිසා බයට ලෙඩ වෙලාද?
Senarath Friday, 18 July 2025 10:21 AM
ගාසා වල , ඉරානයේ මැරෙන අහිංසක දරුවන්ගේ, මිනිසුන්ගේ ආත්මවල සාපයට වෙන්න පුළුවන්.