IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ටාර්ෂීඞ් ජාතික වැඩසටහන නිසා ජල සහ විදුලි පරිභෝජනය පහළට

සංරක්ෂණය සහ  බලශක්ති කාර්යක්ෂමතාවය සඳහා මේ දිනවල ක්‍රිියාත්මක වන ටාර්ෂීඞ් ජාතික වැඩසටහන උපරිම සාර්ථිකත්වයට ළඟා වෙමින් රටේ ඒකපුද්ගල විදුලි සහ ජල පරිභෝජනය පිළිවෙළින් සියයට 14 කින් සහ 17 කින් පහළ බැස තිබේ. 2015 වසරේදී මෙම වැඩසටහන දියත් කිරීමෙන් පසුව කටාර් රියාල් මිලියන 800 ක් ඉතිරි කරගැනීමට හැකිවී ඇති අතර ඊට අමතරව ඉන් කාබන්ඩයොක්සයිඞ් විමෝචනය මෙන්ම ගෑස් පරිභෝජනයද අඩුවී ඇත.
එමීර් ෂෙයික් ටාමිම් බින් හමාඞ් අල් තානි මහතාගේ අනුග්‍රහය ඇතිව කටාර් පොදු විදුලි සහ ජල සංස්ථාව (කරාමා) තාර්ෂීඞ් වැඩසටහනේ සිවුවැනි සැමරුම පසුගිය ඉරිදා ෂෙරටන් දෝහා හෝටලයේදී පැවැත්වීය. “හෙට දිනය අද ආරම්භවෙයි” යන තේමාව යටතේ පැවැති මෙම උත්සවය අමාල් සහ දෝහා කේබල්ස් ආයතනවල සහයෝගය ඇතිව සංවිධානය කර තිබුණි.

tarshed
මෙම උත්සවය සඳහා අග්‍රාමාත්‍ය සහ අභ්‍යන්තර අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් නාසර් බින් කාලීෆා අල් තානි, බලශක්ති සහ කර්මාන්ත අමාත්‍ය ආචාර්ය මොහොමඞ් බින් සලේහ් අල් සාදා, කරාමා සභාපති ඉංජිනේරු එසා බින් හිලාල් අල් කුවාරි සහ තවත් සම්භාවනීය අමුත්තන් රැසක්ම සහභාගි විය.


එහිදී කරාමා ආයතනය සිය අනාගත උපායමාර්ග, ව්‍යාපෘති සහ මේ දිනවල ක්‍රියාත්මක වන වැඩසටහනෙන් ඉටු කරගන්නා ලද ඉලක්ක සම්බන්ධයෙන්ද අනාවරණය කළේය. ඉහත වැඩසටහනෙන් ඉටු කරගැනීමට බලාපොරොත්තු වූ ප්‍රධානම ඉලක්කය වූයේ ජල සහ විදුලි පරිභෝජනය සීමා කර කටාර් හි වැදගත් සම්පත් සංරක්ෂණය කිරීමේ සංස්කෘතියක් ඇති කරලීමයි.


මීට අමතරව, සිය බහුවිධ උපායමාර්ග ඔස්සේ සමාජයේ සියලුම අංශයන්ට ළඟා වෙමින් ඉතා වටිනා සම්පත් සංරක්ෂණය කිරීම සම්බන්ධයෙන් දැනුම්වත් භාවයක් ආරම්භ කිරීමටද කරාමා ආයතනය බලාපොරොත්තු වෙයි.


කරාමා ආයතනයේ සංරක්ෂණ සහ බලශක්ති කාර්යක්ෂම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ විවිධ තරගවලින් ජයලැබූ පුද්ගලයන් ඇගයීමක්ද එහිදී සිදුකෙරුණි.



අදහස් (0)

ටාර්ෂීඞ් ජාතික වැඩසටහන නිසා ජල සහ විදුලි පරිභෝජනය පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site