IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


ට්‍රම්ප්ගේ බදු ඇමෙරිකා ආර්ථිකයට මරු පහරක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ "අන්‍යෝන්‍ය බදු ක්‍රමය" ඇමෙරිකාව ආර්ථිකය අවපාතයකට ඇද දමුණු ඇතැයි මතුව තිබෙන බිය තවත් වැඩි කරමින් ලොව විශාලතම සමාගම් වල වටිනාකම පසුගියදා පහත වැටුණු අතර ඉන් ඇමෙරිකාවේ වෝල් ස්ට්‍රීට් කොටස් වෙළෙඳපොළට ඇමෙරිකානු ඩොලර් බිලියන 2500ක මුදලක් අහිමි කර ඇතැයි "ද ගාර්ඩියන්" පුවත්පත වාර්තා කළේය.

කොවිඩ් වසංගතයෙන් පසුව ඇමෙරිකානු කොටස් වෙළඳපොළේ සිදුවූ විශාලතම කඩා වැටීම මෙය බවද එම පුවත්පත සඳහන් කළේය. ඇමෙරිකාවේ පමණක් නොව ගෝලීයව කොටස් වෙළඳපොළවල් රාශියක්ද දෙවැනි දිනටත් පෙරේදා(03) කඩා වැටුණේය. ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළේ ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍යය දර්ශකය පෙරේදා(03) ඒකක 1600 කින් පහත වැටුනේය.එහිදී නයික්, ඇපල් සහ ටාර්ගට් වැනි ප්‍රසිද්ධ ලොව සුපතළ සමාගම්වල කොටස් අගය සියයට 9 කින් පහත වැටුණේය.

ඇමෙරිකානු කොටස් වෙළෙඳපොළ කඩා වැටීම සම්බන්ධයෙන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(04) අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ "අන්‍යෝන්‍ය බදු ක්‍රමය" හොඳින් ක්‍රියාත්මක වනු ඇති බවත් පහළ වැටුණු කොටස්වල අගය කාලයත් සමග ඉහළ යනු ඇති බවත්ය. එසේම ඇමෙරිකානු වෙළඳපොළ මෙන්ම ඇමෙරිකාවද කාලයත් සමග නැගී සිටිනු ඇතැයිද ට්‍රම්ප් පැවැසුවේය. ට්‍රම්ප්ගේ "අන්‍යෝන්‍ය බදු ක්‍රමය" හේතුවෙන් බලපෑම් එල්ල වූ සමාගම් සංඛ්‍යාව 3500 කට වඩා වැඩිවිය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "අන්‍යෝන්‍ය බදු ක්‍රමය" ක්‍රියාත්මක කිරීම සඳහා වන විධායක නියෝගයට පසුගිය 2 වැනිදා ධවල මන්දිරයේදී අත්සන් තැබුවේය. එමගින් සියයට 10 සිට 50 දක්වා තීරු බද්දක් ඇමෙරිකාවේ මිතුරන්ට මෙන්ම හතුරන්ටද පනවනු ලැබුවේය.



අදහස් (5)

ට්‍රම්ප්ගේ බදු ඇමෙරිකා ආර්ථිකයට මරු පහරක්

Tharindu Friday, 04 April 2025 06:24 PM

බද්රාණී කියලා ආර්ථීක භූ දේශපාලන මහාචාර්යවරියක් ඊයේ අදහස් පළකළා... එයා අද කෝ දන්නේ නෑ...

:       1       12

සිල්වා Friday, 04 April 2025 08:22 PM

වැඩි කළ තීරුබදු හේතුවෙන් ඇමරිකානු අභ්‍යන්තර වෙළෙඳ පොලේ භාණ්ඩවල මිල ඉහළයාම සිදුවෙයි. එමගින් ඇමරිකානු ජනතාව පීඩාවට පත්වනු ඇත...

:       1       22

chamathSaturday, 05 April 2025 07:59 AM

මොලේ තමයි මොලේ... බැරිද? කුලියට ගන්න

:       1       0

රුවන් Saturday, 05 April 2025 06:44 AM

ඇමරිකාවේ අයට හෙට අනිද්දා රෙදිත් නැති වෙනවා. මොකද ඇමරිකාවේ ඇඳුම් වලින් බහුතරයක් බංග්ලාදේශය, ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන්නේ. අන්තිමට ට්‍රම්ප්ට රිවස් තමයි. දැන් ඇමරිකාව අසල්වැසි කැනඩාවත් තරහ කරගෙන ඉන්නේ...

:       2       6

Kumar Saturday, 05 April 2025 06:58 PM

ඇමෙරිකාවෙ සිටින ලාංකිකයෝ සියලුම දෙනාම වගෙ චන්දය දුන්නේ ටරම්ප්ට. කමලක්ක කලු නිසා වෙන්න ඇති. මෙරටේ චන්ද පත්‍රයේ තමන් කැමති කෙනෙකුගෙ නම ලියන්න පුළුවන්. මගේ සහෝදරිය චන්දය ප්‍රකාශ කෙළේ එම ක්‍රමයටලු.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සබරගමුවේ සිද්ධියට තවත් සිසුන් දෙදෙනකු අත්අඩංගුවට
2025 මැයි මස 06 204 0

සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජ්‍යෙෂ්ඨ සිසුන් දෙදෙනකු අද (06) දා පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය


කලබල කළ පුද්ගලයා මෙල්ල කරන්න පොලීසියෙන් වෙඩි
2025 මැයි මස 06 560 0

කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකු


පිහිනුම් තටාකයට වැටී සිව් හැවිරිදි දරුවා මරුට
2025 මැයි මස 06 496 0

කැස්බෑව කහපොළ නිවාඩු නිකේතනයකට දෙමව්පියන් සමඟ විනෝද වීමට පැමිණි කුඩා දරුවෙකු පිහිනුම් තටාකයට වැටී මිය ගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි.


බෞද්ධ පුරාවස්තු වෙන්දේසිය නවත්වන්නැයි ඉන්දියාවෙන් ලිපියක්
2025 මැයි මස 06 506 0

බෞද්ධ පුරා වස්තු 300 කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුව වෙන්දේසි කිරීම නතර කරන ලෙසත් එම පුරා වස්තු නැවතත් ඉන්දියාවට බාරදෙන ලෙසත් දන්වමින් ඉන්දියාවේ


කුරුටු බලි ඡන්ද පත්‍රිකා කුණු කූඩෙට
2025 මැයි මස 06 247 0

ඡන්ද පත්‍රිකාවේ කතිරය හැරෙන්නට වෙන කිසිදු සලකුණක් ලකුණු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.


ගොවි ණය නොගෙවූ අපේක්ෂකයා අත්අඩංගුවට
2025 මැයි මස 06 533 0

ලබාගත් ගොවි ණය මුදල් නොගෙවිමේ චෝදනාව මත මෙවර පළාත් පාලන මැතිවරණය සදහා හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවට තරග වදින අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගත්බව හොරොව්පොත


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 752 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 193 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1234 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site