IMG-LOGO

ටියුෂන් ළමුන්‌ට මත්පෙති වික්ක කතක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දීර්ඝ කාලයක සිට හොරණ ප්‍රදේශයේ උපකාරක පන්ති කේන්ද්‍ර කරගනිමින් එහි අධ්‍යාපනය ලබන සිසුන්ට මත්පෙති අලෙවි කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ කියයි.

සැකකාරිය සන්තකයේ තිබී පෙති සියයක් පොලිස් බාරයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්යය බලකා  හොරණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව පොලිස් පරීක්ෂක ආර් එන් ටි ආචාර්ය ඊ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ දෙල්ගහ ගොඩැල්ල ප්‍රදේශයේදීය.

සැකකාරිය හොරණ  නගරයේ උපකාරක පන්ති අසල  ගැවසෙමින් සිසුන් ඉලක්ක කර ගෙන රුපියල් 250 ,300 සහ 500 ආදී මිල ගණන් වලට මත්පෙති අලෙවි කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පනස් හැවිරිදි සැකකාරිය  වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හොරණ  පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.

පොලිස්      විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කළුතර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී අතුල රත්නායක මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී රනසූරිය මහතාගේ අධීක්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය හොරණ කඳවුරේ කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරික්ෂක ආර්.එන්.ටී. ආචාරිගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.



අදහස් (0)

ටියුෂන් ළමුන්‌ට මත්පෙති වික්ක කතක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 494 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 674 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 275 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site