IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ඥානසාර හිමිට ජනපති සමාව

(දිල්රුක්ෂි ග්‍රේරු)

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්   ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද  (23) ජනාධිපති විශේෂ සමාව ලැබිණි.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  උපදෙස් මත ඉකුත්දා  ඥානසාර හිමි පිළිබඳව විස්තර  බන්ධනාගාර අමාත්‍යංශයෙන්  ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගෙන්වාගෙන තිබිණි.
 
ඊයේ (22)  ඥානසාර හිමියන් නිදහස් කිරීමට අදාළ ලියකියවිලි සඳහා ජනාධිපතිවරයා අත්සන් කර ඇතැයි බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ පැවසූහ.
 
අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 4 කට  වරදකරු කරමින්  ඉකුත් වසරේ අගෝස්තු 18 වැනිදා  ඥානසාර හිමියන්ට  වසර 19 ක සිර දඬුවමක් ලැබුණු අතර එය  වසර 6 කට ගෙවී යන පරිදි  බරපතල  වැඩ සහිත සිර දඬුවමක් ලබා දීමට නියෝග කෙරිණි. 
 
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණ වැදීම , අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 4 කට මෙම සිර දඬුවම ලැබිණි.

(ඡායාරූප - ලහිරු හර්ෂණ)



අදහස් (21)

ඥානසාර හිමිට ජනපති සමාව

මහාචාර්ය කුෂාන් ලියනාරච්චි Thursday, 23 May 2019 12:39 PM

ශ්‍රී ලංකාවේ සංඝාධිකරණයක් පිහිටවලා භික්ෂූන් ගෙන් වුන වැරදි වලට දඬුවම් දීම සුදුසුයි. මෙහෙම ස්වාමින් වහන්සේලාට ගිහියන් දඬුවම් දෙන ක්‍රමය නිචයි. බ්‍රිතාන්‍යය මානසිකත්වයෙන් මිදෙන්න ඕනේ.

:       0       0

Rata Perata Thursday, 23 May 2019 02:10 PM

සිරිසේන ගේ විහිළු. හෙට අනිද්දට දුමින්දත් එලියට එයි. රට කනවා.

:       0       0

ajanthacs Thursday, 23 May 2019 02:18 PM

මෙය සිදුවිය යුතු දෙයක්........පමාවී හෝ සිදුවීම සතුටක්....

:       0       0

Amila Thursday, 23 May 2019 02:53 PM

දුමින්ද සිල්වත් එළියට ගන්න පාර හැදුවා වගේ.

:       0       0

PA - RA Thursday, 23 May 2019 03:10 PM

හාමුදුරුවනේ ඔබ තුමන් හිරබත් කනවිට අපේ 380 ක් ජනය මියගිය අතර තව සිය ගණනක් තුවාල උනා, සමහර තැන් වල පව්ල් පිටින් ගියා. දෙමව්පියන්,දරුවන්, සහෝදරයින් මිය ගියා, ඒ මොන සාපයද ?

:       0       0

janahitha Thursday, 23 May 2019 03:14 PM

අපේ හාමුදුරුවනේ රටක් නැත්නම් ජීවිතය පුජා කරන්නේ කොහොමද කියන එක ජාතියේ හඳවතට දැනේවා.නමට රටක් ඇතේ- අපට රටක් නැතේ කියල තමයි ඉදිරියේදී කියන්න වෙන්නේ මේ යන විදිහට..

:       0       0

තිලක් බණ්ඩාර Thursday, 23 May 2019 03:44 PM

සාධු සාධු සාධු..! කළගුණ සලකන්න ඕනේ...

:       5       104

තිලක් බණ්ඩාර Thursday, 23 May 2019 04:02 PM

සාධු සාධු සාධු.....!

:       0       0

මම නොවන මම Thursday, 23 May 2019 04:25 PM

රට කොයි තැනටද මෙයාල මේ තල්ලු කරන්න හදන්නේ? මෙහෙම කලාම ජාතින් අතර සමගිය වර්දනය වෙනවද?

:       290       58

Pradeep Thursday, 23 May 2019 04:30 PM

රටේ සිවිල් කාන්තාවකට බැන වැදීම සිර දඩුවම් විදියහැකි වරදක් උවත් පල්ලි වල ආයුධ සගවා තබා ගැනීම, ත්‍රස්තවාදීන්ට උදව් සහ අනුබල දීම නොසැලකිය හැකි තරමේ වැරදි... ඔන්න රටේ නීතිය.

:       104       161

d.upul Thursday, 23 May 2019 05:14 PM

ආවේගශීලි නොවී දැන්වත් අපේ සිංහලයාගේ ප්‍රශ්න වලට ප්‍රයෝගික විසඳුම් හෙව්වොත් තමයි හොඳ.

:       10       1

Chanak los angeles Thursday, 23 May 2019 08:06 PM

සුද්දගේ නීතියට අපි භය නැහැ කියලා සුද්දගේ නීතියටම පින්සෙන්ඩු වෙන්න වුණා. හිටියේ බන්දනාගාර රෝහලේ දැන් එතකොට එලියට ආවට පසුවත් ඉන්නේ රෝහලකද ?

:       125       54

Erasmus Thursday, 23 May 2019 10:06 PM

ජනාධිපතිට නීතිය නැවිය හැකි රටක්. අවුරුදු 18 ක දඩුවමට අවුරුද්දක්වත් හිරේ හිටියෙ නැහැ. ජනාධිපති සමාවට තියෙන ඉඩකඩ නැතිකල යුතුයි.

:       105       48

PA - RA Friday, 24 May 2019 01:14 AM

වැරද්දක් නොමැති පුංචිදෙයක් මහවිශාල අපරාදයක් සේ මවා මහජන අකමැත්තෙන් සිර ගත උන ඔබ වහන්සේ අද අප අතරට පැමිණීම අපගේ ආරක්ෂාවයි සාදු... සාදු...

:       123       141

Chanak los angelesFriday, 24 May 2019 11:00 PM

අධිකරණයට පැනලා විනිසුරුතුමෙකුට තර්ජනය කිරීම සුළු වරදක් වෙන්නේ කොහොමද? වෙන රටක නම් ජීවිතාන්තය දක්වා ඇතුලේ..

:       0       0

Nishan Friday, 24 May 2019 01:25 AM

කොරේ පිටට මරේ. ඡන්ද වැඩිවෙයි කියලා හිතාගෙන මේක කලාට තිබුන ටිකත් අඩු වෙන එකයි උනේ. මධ්‍යස්ථ බුද්ධිමත් ජනතාව මේක අනුමත කරන්නේ නෑ. රටේ මූලික නිතිය කඩලා මේක කලේ. ජනාධිපති බලතල අපයෝජනය කිරීමක්. උසාවියේ අදහස් විමසුවේ නෑ. හැබැයි පොහොට්ටු පාර්ෂවේ අයගේ සිංහල අන්තවාදී ඡන්ද පදනමට වදිනවා.

:       62       77

bandula Friday, 24 May 2019 02:25 AM

ජාතික අනුරාගය යනු පල්ලි වලට ගල් ගැසීම හෝ කුණුහරපෙන් බනවදීම නොවේ, සැලසුම්සහගතව මුස්ලිම් අන්තවාදීන් පරාජය කිරීමට සුක්ෂමව සැලසුම් කිරීමයි. එය පාඩමට ගන්නවානම් ,ජනතාව කැමති වේවි .

:       2       11

lalithm Friday, 24 May 2019 02:54 AM

අදහසක් විතරමයි. ආයෙමත් දේශපාලුවන් ගාවාගන්නේ නැතිව ආගමික වැඩ කරමු අපේ හාමුදුරුවනේ.

:       15       3

sarath perth Friday, 24 May 2019 02:54 AM

මෝහයෙන් ද්වේශයෙන් තොරව ඔබවහන්සේට දිගාසිරි පතමි

:       0       4

Kriss Friday, 24 May 2019 02:41 PM

දේශපාලකයන්ගේ අශූචි වලේ වැටෙන්න නම් එපා හාමුදුරුවනේ...

:       0       0

Chanak los angelesSaturday, 25 May 2019 11:54 PM

ඥාණසාර හිමි එදා යහපාලනය හැඳින්වූයේ නපුන්සක නායකත්වය කියලයි. නමුත් ඒ නායකත්වයටම වැඳ වැටිලා එළියට ආපු එක නම් හොඳ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 313 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2129 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site