(යොහාන් භාසුර)
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය අද (12) දින ක්‍රියාත්මක නොවන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය.
ඇඳිරි නීතිය නැවත පස්වරු 2.00 කට ක්‍රියාත්මක කිරීම නිසා ප්‍රවාහන අපහසුතා ඇතිවීම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම තීරණයට එළඹි බවත් අද දින එක්දින සේවය සඳහා වේලාවන් වෙන්කර ගත් සියලු දෙනාට වෙනත් වැඩ කරන ඕනෑම දිනක සේවය ලබාගත හැකි බවත් වියානි ගුණතිලක මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd