(ඩයනා උදයංගනී)
ජාතික පරිසර පනත නව වගන්ති 42ක් ඇතුළත් කරමින් සංශෝධනය කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මෙම පනත වසර 20කට අධික කාලයක් කිසිදු සංශෝධනයකට ලක් කර නැතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
දැනට ක්‍රියාත්මක ජාතික පරිසර පනතේ පවතින බලතල පාරිසරික සුරක්ෂිතතාවය උදෙසා ප්‍රමාණවත් නොවන බැවින් මෙම පියවර ගන්නා බව ඇමතිවරයා කියයි.
මේ දිනවල ඇතැම් පුද්ගලයින් විසින් විශාල පරිසර හානියක් රටතුළ සිදු කරමින් සිටින බවත් මාධ්‍ය තුළින් පළ වන කරුණු අසත්‍ය නොවන බවත් කී ඇමතිවරයා ප්‍රාදේශීය දේශපාලකයින්, ජාවාරම්කරුවන් මෙන් ම ඇතැම් නිලධාරින් ද මෙම පරිසර හානිය පසුපස සිවින බව නොරහසක් යැයි සඳහන් කරයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගාවක් ආරක්ෂා කරගන්න පඹයෝ හිටවලා තියනවා. දැන් බැලුවාම මේවට පත් කරපු මැති අමැතිවරුත් ඒවගේ කියලයි හිතෙන්නේ
මෙම අට, පහ නොදත් තොත්ත බබා නිසා මේ මුකුත් දැනගෙන හිටියේ නැහැනේ. වාසනාවකට වගේ මම දැනගත්තේ මාධ්‍ය මගින්. ඉතින් අපි තීරණය කළා මේ පනත සංශෝධනය කරන්න. පනත සංශෝධනය කරලා ඉවර වෙනකොට පෙරහැර ගිහින් ඉවරයිනේ.. එතකොට මගේ ටිකත් ගොඩනේ මෙයා...
දැන් යන පිළිවෙලට ඔය කියන වගන්ති ක්‍රියාත්මක වෙන කාලේ වෙනකොට පරිසරයේ මොකුත්ම ඉතුරුවෙලා තියෙයිද ඇමති තුමෝ? ඔන්න "පරිසරය බේරාගනිමු" කියල අටවල තියෙන බෝර්ඩ් ලෑලි එහෙමත් ආණ්ඩුවේ ඉහලම තැනින් නියෝග ලැබිල ගලවාගෙන ගලවාගෙන යනවා. දැක්කේ නැද්ද ?
ජාතික පරිසර පනත නව වගන්ති 42ක් ක්‍රියාත්මක කරන්නේ කවද්ද? අවශ්‍ය වෙන්නේ අනවසර ගස් කැපීම් නවත්වන එකයි. පස් සහ වැලි කැපීම්ද නවත්වන්න
පුදුමයට කරුණ නම් පට්ටියේ "හරකුන්ගේ" සුබසිද්ධිය වෙනුවෙන් නම් පැයෙන් දෙකෙන් අවශ්‍ය තීන්දු තීරණ ඔක්කොම සම්මත කර ගන්න 225ම මේ සදහා "මුලග්ගින්න නිසා තටමනවා"....මෙම අදහස් දියවන්නාව ගාලේ "225 ම" දැකීමට මෙන්ම කියවීමට හැකිවේවා..!!!
වගන්ති 42 නෙමෙයි 4200ක් දැම්මත් මොකක්ද ඇති වැඩේ? රාජ්‍ය අනුග්‍රහයෙන් පරිසරය විනාශ කෙරෙනවා නම්... වගන්ති ටික ගෙදර අරන් ගිහින් බිත්තියේ ගහගෙන උදේ, හවස දුම් අල්ලන්න. කියන්න මෙයාට..