IMG-LOGO

ජිවීත දෙකක් ජල රකුසාට බිලි

(ඉන්දිකා   රාමනායක) 

හබරාදුව ප්‍රදේශයේ පිරිසක්   විනෝද චාරිකාවක  පැමිණ  දෙහිඅත්තකණ්ඩිය හෙනානිගල දකුණ වැවේ දියනාමින් සිටියදී  අද(4) පෙරවරුවේ   පාසල්  සිසුවකු ඇතුළු තරුණයන් දෙදෙනකු  දියේ  ගිලී මිය ගොස් ඇතැයි දෙහිඅත්තකන්ඩිය පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ හබරාදූව වංචාවල ප්‍රදේශය පදිංචි වී වයස අවුරුදු 17සහ 19වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකි.

50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ  (3)බස් රථයකින් දෙහිඅත්තකණ්ඩිය හෙනානිගල ප්‍රදේශයට පැමිණ ඇති බව පොලීසිය පවසයි.

අද  පෙරවරුවේ මෙම තරුණයන් දෙදෙනා  තවත් පිරිසක් සමග දිය නාමින් සිටියදී  පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර  දිය නාමින්  සෙසු  පිරිසකගේ කෑ ගැසීම ඇසී ප්‍රදේශවාසීන් පැමිණ තරුණයන් දෙදෙනා  ගොඩගෙන දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇත.

දෙහිඅත්තකණ්ඩිය  රෝහලට ඇතුළත් කිරීමෙන්  අනතුරුව මොහු මියගොස් ඇති බවට අනාවරණය වී ඇත.

 



අදහස් (1)

ජිවීත දෙකක් ජල රකුසාට බිලි

Bunny Preena Monday, 05 June 2023 01:42 PM

බොහෝ විනෝද චාරිකා කෙලවර වෙන්නෙ දියේ ගිලීමෙන් සිදුවන අනතුරකින්. වඩාත් හොඳම ඥානාන්විත ක්‍රමය තමයි ගන්ගාවල්වල, වෙවුවල දියනෑම විනෝද චාරිකා නියාය පත්‍රයෙන් ඉවත් කිරීම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 331 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 502 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site