(යොහාන් භාසුර)
ජපාන ආරක්ෂක අමාත්‍ය ජෙන් නකටානි මහතා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අරලියගහ මන්දිරයේදී අද (4) හමුවිය.
දිගුකාලීන ද්විපාර්ශ්වික මිත්‍රත්වය මෙහිදී යළි තහවුරු කෙරුණු අතර, විශේෂයෙන් ආරක්ෂක කටයුතු සහ කලාපීය ආරක්ෂාව යන ක්ෂේත්‍රවල ජපානය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුවිය.
ඉන්දු-පැසිෆික් කලාපය පුරා සාමය සහ ස්ථාවරත්වය සහතික කිරීම සඳහා වන ප්‍රයත්නයන් සඳහා ජපානයේ සහයෝගිතාවය ජපන් ආරක්ෂක අමාත්‍යවරයා තහවුරු කළේය.
සමුද්‍රීය ආරක්ෂාව සහ කලාපීය සම්බන්ධතාවයන්හිදී ශ්‍රී ලංකාවේ උපායමාර්ගික වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
මෙරට සංවර්ධන ව්‍යාපෘති සඳහා ජපාන රජයේ, විශේෂයෙන් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සිය (ජයිකා) දෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් අගමැතිවරිය සිය කෘතඥතාව පළ කළාය.
එසේම විනිවිදභාවය, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ජාතික පරිවර්තනය සඳහා රජයේ කැපවීමද ඇය නැවත අවධාරණය කළාය.
දේශගුණික ප්‍රතිචාර, මානුෂීය ආධාර සහ සමුද්‍රීය ආරක්ෂාව වැනි වගකීම්ද ඇතුළත් කරමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ගේ කාර්යභාරය පුළුල් කිරීම සඳහා වන රජයේ ඉදිරි දැක්ම පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය අදහස් හුවමාරු කර ගත්තාය.
වෙළඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයේ අවස්ථා ඇතුළු ප්‍රධාන අංශ පහක් හරහා රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් පුළුල් කිරීමටද දෙපාර්ශවයම එකඟ විය.
බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ජපාන ආරක්ෂක ඇමති අගමැති හරිනි හමුවෙයි